Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බිලියන දෙකක්‌ ඇල්ලූ “ෆේස්‌බුක්‌”මේනියාව

|Tue, 11 July 2017 16.28|Security| Page Views : 31

අලුත් පුවත්
ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ වැඩ තහනම්
මිරිස්සට වරායක් ?
පාර්ලිමේන්තු මැතිවරණයක්
සෞඛ්‍ය ඇමැතිට වාර්තාවක්
සුබ සාධන දැනගන්න වෙබ් අඩවියක්
කන්ටේනර් රථය නිසා බවුසරේට වැඩ වරදි
මඩකලපුවේ උද්ඝෝෂණයක් ...
සයිටම් ශීක්ෂණ රෝහලක් වෙයි
 
“ෆේස්‌බුක්‌” කෙටි කාලයක්‌ තුළ ලෝකයේ වැඩිම බලපෑම සිදු කළ සමාජජාල වෙබ් අඩවියයි. මේ වන විට ෆේස්‌බුක්‌ තම ගමනේ තවත් විශේෂ සැතපුම් කණුවක්‌ පසු කරමින් සිටී. ඒ ෆේස්‌බුක්‌ වල මාසික ක්‍රියාකාරී පරිශීලකයන් සංඛ්‍යාව බිලියන දෙක ඉක්‌මවීමයි. ෆේස්‌බුක්‌ සමාජජාල වෙබ් අඩවිය මේ තත්ත්වයට ළඟාවී ඇත්තේ මාසික පරිශීලකයන් සංඛ්‍යාව බිලියනයක්‌ වී අවුරුදු පහක කාලයක්‌ ගෙවී යන්නටත් පෙර වීම විශේෂයකි.

-“ඔබ සමඟ මේ ගමන යන්නට ලැබීම අපට ගෞරවයක්‌.”- මේ සුවිශේෂී අවස්‌ථාව සමරමින් ෆේස්‌බුක්‌ නිර්මාතෘ මාර්ක්‌ සකර්බර්ග් විසින් ෆේස්‌බුක්‌ පෝස්‌ටුවක්‌ පළ කොට තිබේ.

මේ වන විට ෆේස්‌බුක්‌ පරිශීලකයින්ගේ සංඛ්‍යාව තනි රටක මුළු ජනගහනයට වඩා වැඩිය. කිසිදු රටක මුළු ජනගහනය සංඛ්‍යාවෙන් මුළු ෆේස්‌බුක්‌ පරිශීලකයන්ගේ ප්‍රමාණය ඉක්‌මවන්නේ නැත. එමෙන්ම මහද්වීප හතෙන් හයක්‌ම වෙන් වෙන්ව ගෙන බැලුව හොත් ඒ එක්‌ එක්‌ මහද්වීපයේ ජනගහනයද ලොව පුරා මුළු ෆේස්‌බුක්‌ පරිශීලකයන්ගේ සංඛ්‍යාවට වඩා අඩුය. දැන් එම සංඛ්‍යාව ලෝකයේ මුළු ජනගහනය වන බිලියන 7.5 ක්‌ වන සංඛ්‍යාවෙන් කාලක්‌ පමණ වෙයි.

මෙහිදී ෆේස්‌බුක්‌ වෙබ් අඩවිය විසින් මාසික ක්‍රියාකාරී ෆේස්‌බුක්‌ පරිශීලකයන් ලෙස හඳුන්වන්නේ දින තිහක්‌ ඇතුළත ජංගම දුරකථන හෝ පරිගණක මාර්ගයෙන් තම ෆේස්‌බුක්‌ ගිණුමට ගොඩවදින අයයි. ෆේස්‌බුක්‌ භාවිත නොකර ඉන්ස්‌ටග්‍රෑම් හෝ වට්‌ස්‌ඇප් වෙබ්අඩවි භාවිතා කරන පිරිස මෙයට ඇතුළත් නොවෙයි.

මාර්තු 31 වන විට ෆේස්‌බුක්‌ පරිශීලකයින්ගේ සංඛ්‍යාව බිලියන 1.94ක්‌ වූ අතර වසරක්‌ ඇතුළත ෆේස්‌බුක්‌ අඩවියට ඇතුළත් වූ සංඛ්‍යාව සියයට 17 කින් ඉහළ ගොස්‌ ඇත.

2004 අවුරුද්දේ මාර්ක්‌ සකර්බර්ග් විසින් පාසල් නේවාසිකාගාර කාමරයේ සිට ආරම්භ කළ මේ වෙබ් අඩවිය අද වන විට ව්‍යාපාරිකයන්ට හා දැන්වීම්කරුවන්ට මහාපරිමාණ වාසි ගෙන දෙන ප්‍රචාරක අවස්‌ථා උදා කොට දී ඇත. ඒ තම පරිශීලකයින්ගේ තොරතුරු මතිනි.

තම ප්‍රචාරක කටයුතු සදහා ෆේස්‌බුක්‌ වෙබ් අඩවිය යොදා ගන්නා දැන්වීම්කරුවන්ගේ සංඛ්‍යාව මෙම වසරේ අප්‍රේල් මාසය වන විට මිලියන පහ දක්‌වා ඉහළ ගොස්‌ තිබුණු බව ෆේස්‌බුක්‌ සමාගම පවසයි.

ෆේස්‌බුක්‌ අඩවියේ ව්‍යාප්තිය ඇමරිකාව, කැනඩාව හා අනෙකුත් යුරෝපීය රටවල් වලින් ඔබ්බට පැතිරීමද මේ වන විට වේගවත් වී ඇත. දියුණු වෙමින් පවතින රටවල ජනතාව අතර ෆේස්‌බුක්‌ භාවිතය තව දුරටත් වැඩි කිරීම උදෙසා ෆේස්‌බුක්‌ සමාගම විසින් ඒ සදහා විශේෂ මෘදුකාංග වර්ගද, අඩුවෙන් දත්ත වැය වෙන ආකාරයේ පහසුකම්ද වැඩි දියුණු කර ඇති අතර, ලෝකය පුරා අන්තර්ජාල සබඳතා වැඩිදියුණු කිරීම සඳහා සූර්ය බල ෙඩ්‍රාaන යාත්‍රාද නිර්මාණය කොට ඇත.

ෆේස්‌බුක්‌ හි ගමන මේ ආකාරයෙන් සිදුවෙද්දී එම සමාගම විසින්ම නිර්මාණය කරන ලද ඉන්ස්‌ටග්‍රෑම් මේ වනවිට එහි විශේෂ සැතපුම් කණුවකට ළඟාවී ඇත. ඉන්ස්‌ටග්‍රෑම් පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියන හත්සීය දක්‌වා ඉහළ ගොස්‌ ඇති අතර එහි දෛනික ක්‍රියාකාරී පරිශීලක සංඛ්‍යාව මිලියන දෙසිය පනහක්‌ වී ඇත.

2017 වසරේ පළමු කාර්තුව අවසන් දී ට්‌විටර් පරිශීලකයන්ගේ සංඛ්‍යාව මිලියන 328 ක්‌ වෙයි.

-ගෙවෙන හැම දවසකම, ලෝකයේ මිනිසුන් මිලියන 175 ක්‌ ෆේස්‌බුක්‌ හරහා ආදර ප්‍රතිචාර හුවමාරු කරගනී.- ෆේස්‌බුක්‌ සමාගම පෝස්‌ටුවකින් සටහන් කරයි. -ලෝකයේ මිනිසුන් මිලියන අටසීයක්‌ දවස ගාණේම ෆේස්‌බුක්‌ අඩවියේ පළවන මොනයම් හෝ දෙයකට කැමැත්ත පළකරයි.

- ඔව්. ෆේස්‌බුක්‌.. ලොව පුරා මිනිසුන් වැඩිම ගණනක්‌ එක මිටට ග්‍රහණය කරගත් ප්‍රබලම හස්‌තයයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න