Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විග්නේෂ්වරන් සහ අනන්දි පිටතට!

|Wed, 12 July 2017 15.12|Political| Page Views : 102

අලුත් පුවත්
ආවා කණ්ඩා‍යමේ දෙදෙනෙකු අත්අඩංගුවට !
රථවාහන දඩ මුදල් වැඩිවෙයි?
ලන්ච් ෂීට් වලට තිත
කැලිබ්රි ෆොන්ට් එක නිසා අගමැති අවුලක
රවීට එරෙහිව පෙත්සමක්
වියදම් කප්පාදු කිරීමට රජයේ තීරණයක්
ජීවිත හානියකට රු මිලියනයක්!
මිසයිල ආරක්ෂණ පද්ධතියක්
 
(පරිවර්තනය කලේ (ටැමිල්වින් වෙබ් අඩවිය)වෙතිනි)

මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී ඉඩම් අහිමිව සිටි ජනතාවට ඉඩම් ලබාදීම පිළිබදව තීරණයක් ගනු ලැබූ අවස්ථාවකදී සම්බන්ධීකරණ නායකයින් සහ ජනතා නියෝජිතයින් අතර මතගැටුමක් ඇතිවී ඇත. මේ හේතුවෙන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සහ අනන්දි ශෂිදරන් යන දෙදෙනා එයින් පිටව යන ලදි. 2017.07.10 වන දින මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවත්වන ලදි.

මෙහිදී, මුලතිව් කුළාමුරිප්පු ප්‍රදේශයේ පසුගිය දිනවල ජනාධිපති කාර්යාලය විසින් මුස්ලිම් ජනතාව වෙත ඉඩම් ලබාදීම පිළිබදව එම ප්‍රදේශයට ගොස් සොයාබැලීම පිළිබදව මෙහිදී සාකච්ඡා කරන ලදි.

පළාත් සභා මන්ත්‍රී ටී.රවිගරන් සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අතර ඇතිවූ අදහස උණුසුම්කාරි තත්වයකට පත්වී, එහි ගැට‍‍‍‍‍‍‍‍‍‍ළුකාරි තත්වයක් උද්ගතවී ඇත.

නායකයෙකු ලෙස කටයුතු කල සී.වී.විග්නේෂ්වරන් සහ උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරි වන අනන්දි ශෂිදරන් යන දෙදෙනා මෙම රැස්වීමට සහභාගි වී අතර මැදදී පිටව යන ලදි.

මුලතිව් දිස්ත්‍රික්කය තුල දෙමළ පවුල් 2084, මුස්ලිම් පවුල් 902 හා සිංහල පවුල් 270ක් පමණ ජනතාව ඉඩම් නොමැතිව ජීවත්වන බවත්, ඔවුන්හට අනුපාතික ක්‍රමයට ඉඩම් ලබාදීමට තීරණය කල අවස්ථාවේදී මෙම ගැටළුකාරි තත්වය ඇති වී ඇත.

තවද, මුලතිව් දිස්ත්‍රික්කය යුද්ධය සහ සුනාමි ව්‍යසනය යනාදි ගැටළුවලට මුහුණදුන් දිස්ත්‍රික්කයකි. එහි ජනතාව අඛණ්ඩව දුක්පීඩාවට පත්වී සිටින බවත්, බලයලත් නිළධාරි හා ආණ්ඩුපක්‍ෂ දේශපාලඥයින් වෙනස්කම් පෙන්වීම නතර කලයුතු බවත්, සිංහල සහ මුස්ලිම් ජනතාව වෙත සළකනවා මෙන් දෙමළ ජනතාවට ඉඩම් ලබාදිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන චාල්ස් නිර්මලනාදන්, ශිවසක්ති ආනන්දන්, ශාන්ති ස්කන්දරාසා සහ පළාත් සභා මක්ත්‍රීවරු වන කන්දයියා ශිවනේෂන්, ටී.රවිගරන්, පුවනේෂ්වරන් යනාදීන් විසින් ඉල්ලීමක් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න