Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අවසන් තරගය වෙනුවෙන් අපේ කෙල්ලන් කළ සටන

|Sun, 16 July 2017 09.09|Security| Page Views : 24

අලුත් පුවත්
ඩෙංගු මදිවට නියඟයෙනුත් කරදර!
ගංජා තොගයක් සමග තිදෙනෙකුට මාංචු
පීලි පැන්න තැපැල් දුම්රියේ මැදිරි 2ක් පීලිගත කෙරේ
ඩ්‍රෝන - රූගත කිරීම්වලට රෙගුලාසි එයි
ජනපති වෙනුවෙන් සංස්කෘතික ප්‍රසංගයක්
ATM යන්ත්‍රයක පුද්ගලයෙක් සිරවෙයි
හාලිඇලේ ගින්නක් !
ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි
 
ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණයක් ගෙන දෙමින් මෙවර ලෝක කුසලාන කාන්තා එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරග ඊයේ (15) පැවැති තරගයත් සමග නිමාවට පත්වුණා.

ඒ, පාකිස්ථාන කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම ලකුණු 15කින් පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 221ක් රැස් කළා.

ශ‍්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළේ ඩිලානි මනෝදරා. ඇය රැස් කළ ලකුණු සංඛ්‍යාව 84ක්.

ලකුණු 222ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 04ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 206ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චන්දිමා ගුණරත්න ලකුණු 41කට කඩුලු 04ක් බිඳ හෙලීමට සමත් වුණා.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් මෙවර ලෝක කුසලාන කාන්තා එක් දින ක‍්‍රිකට් තරගාවලියේ වාර්තා කල පළමු ජයග‍්‍රහනයද මෙයයි.

හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ඊයේ එක්වුණේ සිය එක් දින ක‍්‍රිකට් දිවියේ සියවන තරගයටයි. ජාත්‍යන්තර එක් දින තරග 100ක් ක‍්‍රීඩා කළ පළමු ශ‍්‍රී ලාංකික කි‍්‍රඩිකාව ලෙස ද ඇය මෙහිදී වාර්තා පොත් අතරට එක් වුණා.

ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේ සහභාගී වූ තරග 07න් තරග 06ක් පරාජය වීම දක්නට ලැබුණා. ඒ අනුව මෙවර ලෝක කුසලාන කාන්තා එක් දින ක‍්‍රිකට් තරගාවලියට එක් වුණු කණ්ඩායම් 08 අතරින් ශ‍්‍රි ලංකාවට හිමි වූයේ හත් වන ස්ථානයයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න