Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මොරගහකන්දෙන් ගොවීන්ට ජලය

|Sun, 16 July 2017 12.48|Security| Page Views : 99

අලුත් පුවත්
ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට
සංගා-අර්ජුණ ගැටුම ජාත්‍යන්තරයට යයි
බස් රථ සඳහා නව බලපත්‍ර ලබාදීමේ නීති දැඩි
සහල් ආනයනය කිරීමට සූදානමක්
රක්ෂිතයේ හදිසි ගින්නක්
ක්‍රෙඩිට් කාඩ්පත් ජාවාරමක නිරතවී වැඩ වරදි
පාසැල් සිසුන්ගේ නිල ඇදුමේ හැඩය-පාට වෙනස් කරයි
අවසන් තරගය වෙනුවෙන් අපේ කෙල්ලන් කළ සටන
 
මොරගහකන්ද ජලාශයෙන් ජලය අක්කර අඩි 45000ක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අද (16)වන විට මුදා හැර ඇතැයි ව්‍යාපෘති කාර්යාලය කියයි.

මෙම ජලය අඹන්ගඟ ඔස්සේ ඇලහැර, මින්නේරිය, කව්ඩුල්ල සහ කන්තලේ ගොවි ජනපදවල ගොවීන්ගේ යලකන්නයේ වගාකටයුතු සඳහා මුදාහළ බව මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී. ජී. දයානන්ද මහතා පවසයි.

මේ දිනවල පවතින දැඩි පෑවිල්ල සහිත තත්වය නිසා යල් කන්නයේ වගාවන්ට අවශ්‍ය ජලය හිඟකමින් ගොවීන් රැසක් පීඩා විඳිමින් සිටින අතර ඔවුන්ගේ වගාබිම් අවශ්‍ය ජලය නොමැතිව හානි වෙමින් පවතින තත්වයක් තුල ඒ පිළිබඳව අවධානය යොමුකළ ගරු ජනාධිපතිතුමන් මේ ගන්නා ලද තීරණය ගොවි ජනතාවට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

ජලය පිරවීම සඳහා පරීක්ෂණ මට්ටමේ පවතින මොරගහ කන්ද ජලාශය මේ වනවිට එහි ඉදි කිරීම් වල අවසන් අදියරේ පසුවනවා. රුපියල් කෝටි 18,100ක වියදමින් ඉදිකෙරෙන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතියේ විදුලි ජනක පද්ධතියේ වැඩද අවසන් වීමත් සමග විදුලිබල පද්ධතියට ඝෘජුව මෙගා වොට් 25 ක් එක්වන මෙම බලාගාරයේ විදුලිය නිපදවීමත් සමග වාර්ෂිකව ඉතිරිවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 කි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න