Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඖෂධ හිගය මගහැරවීම සදහා මෘදුකාංගයක්

|Sun, 16 July 2017 14.14|Security| Page Views :

ආයුර්වේද රෝහල්වල ඖෂධ හිගය මගහැරවීම සදහා මෘදුකාංගයක් හදුන්වාදීමට පියවර ගන්නා බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ පැවති සාකච්ඡාවකදියි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ පැවති සාකච්ඡාවට රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුණා. දේශීය ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් බිහි කිරීම සදහා දැනට ක්‍රියාත්මක විෂය නිර්දේශය සංශෝධනය කිරිම පිලිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වුණා.

ආයුර්වේද රෝහල්වල දෛනිකව ඖෂධ හිගයක් ඇති වන බව ද මෙම සාකච්ඡාවේදී හෙළිවු කරුණක්. එම ඖෂධ හිගය මහහැරවීම සදහා මෘදුකාංගයක් හදුන්වාදීමට පියවර ගන්නා බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී ප්‍රකාශ කලා. දිවයින පුරා පිහිටි මහරෝහල් , ශික්ෂණ රෝහල් , දිසා රෝහල් සහ ප්‍රා දේශීය රෝහල්වලට ද එවැනි මෘදුකාංගයක් හදුන්වාදීමෙන් ඖෂධ හිගය මගහැරවීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න