Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නෙවිල් ප්‍රනාන්දු රෝහල අද රජයට

|Mon, 17 July 2017 08.36|Security| Page Views : 68

අලුත් පුවත්
ඖෂධ හිගය මගහැරවීම සදහා මෘදුකාංගයක්
ඉන්දියාව සිය ජනතාවට දුන් අලුත්ම දුම්රිය මෙන්න
අමාත්‍යාංශ නිලධාරීන්ට කුලී පදනම මත මෝටර් රථ
පළාත් පාලන පනත සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක්
පොලීසියේ අවශ්‍යතාව ඉහළ ගිහින්
පොලිස් බලතල ලබාගැනීමට තරුණයින්ට‍ ආරාධනා
මොරගහකන්දෙන් ගොවීන්ට ජලය
ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට
 
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද (17) නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පවරා ගැනීම සිදු වනවා.

පෙරවරු 10.00ට එම කටයුතු සිදු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව එය ශික්ෂණ රෝහලක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමටයි සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මෙන් විශේෂ මණ්ඩලයක් මඟින් නිදහස් රෝහලක් ලෙස එය පවත්වාගෙන යන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පවරා ගත්තද මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සෞඛ්‍ය සේවා කටයුතු ආරම්භ වන්නේ අගෝස්තු මස පළමු වනදා සිටයි.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න.

"මේ රෝහලේ තක්සේරු වටිනාකම රුපියල් බිලියන තුනහමාරකටත් වැඩියි. අනිත් එක මේ රෝහල අපිට ලබාදෙන්නේ බැංකු ණය සියල්ලම නෙවිල් ප්‍රනාන්දු මහත්මයා දිගටම ගෙවිමේ පොරොන්දුව මත. මේ රෝහල පාලනය කරන්නේ ජයවර්ධනපුර රෝහල වගේ මණ්ඩලයක් මගින්.එතකොට ඒකට රෝගීන් පැමිණියාම අපේ සයිටම් වෛද්‍ය පීඨයට තිබුනේ රෝගීන් නැතෙයි කියන ප්‍රශ්නයත් විසඳෙනවා. ඒ වගේම තීන්දු අරගෙන තියෙනවා සයිටම් වෛද්‍ය පීඨයේ මූල්‍යමය තත්වයන් පුළුල් කරලා, තියෙන අඩුපාඩු සකසලා හොද වෛද්‍ය පීඨයක් විදියට පත්කරන්නට."

නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්වීමෙන් පසු සයිටම් ආයතනයට තිබූ එකම ගැටළුව ද අවසන් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් සයිටම් ගැටළුවට විසඳුම රෝහල පවරා ගැනීම නොවන බවයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ.

සයිටම් ආයතන අහෝසි කිරීමෙන් තොර විසඳුමක් නොමැති බවයි ඔවුන් පවසන්නේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න