Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ව්‍යාජ රත්‍රන් ගුලි අත්අඩංගුවට

|Mon, 17 July 2017 12.26|Security| Page Views : 85

අලුත් පුවත්
ගංවතුරින් 09 දෙනෙකු මරුට
මසුන් අල්ලන්න ටැබ්
ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි
වන විනාශයට එරෙහිව සටනක් !
පහරදී ඝාතනය කරලා
අවියක් සමඟ 2ක් අල්ලයි
තලෙයි දුම්රිය තැවෙයි
තාක්ෂණ නිලධාරීන් වැඩ වර්ජනයක
 
රුපියල් ලක්ෂ 60කට වැඩි වටිනාකමකින් යුත් ව්‍යාජ රත්‍රන් ගුලි 3,000ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සූරියවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මෙම රත්‍රන් අලෙවි කිරීමට උත්සාහ දැරීමේ දීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

සූරියවැව පොලිසිය උපාය ධූතයෙකු යොදවා මෙම වැටලීම සිදුකර තිබෙනවා. සැකකරුවන් අනුරාධපුර සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි පොලිසිය සඳහන් කළේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී මෙලෙස වංචා සහගත ලෙස රත්‍රන් අලෙවි කිරීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ මෙම රත්‍රන් නිධානයකින් ගත් ඒවා බවයි. සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න