Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සමුපකාර සේවක වැටුප් ඉහළට

|Mon, 17 July 2017 15.14|Security| Page Views : 52

අලුත් පුවත්
ධීවරයන් 4කට මාංචු
ගින්නකින් පුද්ගලයින් 22කු ජීවිතක්‍ෂයට
ඉඩම් ගැටළු විසදන්න මන්ත්‍රී යයි
රටේ වාර්ගික කණ්ඩායම් සමගියට බාධාවක්ද ?
ශ්‍රීධරන් තනතුරෙන් ඉල්ලා අස්වෙයිද ?
ව්‍යාජ රත්‍රන් ගුලි අත්අඩංගුවට
ගංවතුරින් 09 දෙනෙකු මරුට
මසුන් අල්ලන්න ටැබ්
 
සබරගමුව පළාතේ සමුපකාර සේවකයින්ගේ වැටුප කඩිනමින් වැඩිකරන ලෙස පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පසුගියදා නිලධාරින් වෙත උපදෙස් දෙනු ලැබීය.

මහීපාල හේරත් මහතා මෙලෙස උපදෙස් දෙනු ලැබුවේ 95 වන ජාත්‍යන්තර සමුපකාර දිනය සමරනුවස් රඹුක්කන බතමුරේ ක්‍රීඩා පිටියේ පැවති උත්සවයට එක්වෙමිනි.

මෙහි දි අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ සබරගමුවේ සමුපකාර සේවකයින්ගේ මාසික වැටුප රුපියල් 1000 සිට 5000 දක්වා කඩිනමින් ඉහල දැමිමට කටයුතු කරන ලෙසය.

සබරගමුව පළාතේ සමුපකාර ව්‍යාපාරයේ 2700 ක් පමණ සේවකයින් සේවය කරති. එම සේවකයින් සඳහා විශ්‍රාම වැටුප, සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ද හිමි වී ඇත.

මෙම අවස්ථවට පළාත් සභා මන්ත්‍රි අතුල හඳගම, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රම සම්පාදන) පරාක්‍රම පියසේන, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුල්‍ය කළමනාකරණ) ඒ. එම් ඥානසේන සහ සමුපකාර සංවර්ධන කොමසාරිස් බී.එම්.පී.එන්. බෙලිගම්මන යන මහත්වරුන් එක්ව සිටියහ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න