Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කාන්තාවන් පියයුරු පරීෂා කරනවා වගේ පිරිමින් වෘෂණ කෝෂ පරික්ෂා කළ යුතුයි

|Thu,23 November 2017 10.08|Gossip| Page Views : 128

අලුත් පුවත්
කොළඹට සුඛෝපභෝගී දුම්රිය සේවයක් ..
පාටත් රතුයි, භූමිතෙල් කලවම් පෙට්‍රල් ? ...
යාල වනෝද්‍යනයට ඇතුලු වන වාහන යළි සීමා කෙරේ
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ඉල්ලා අස්වෙයි
හතුරුසිංහ නැවතත් ලංකාවට ක‍්‍රීකට් ආයතනයේ තීරණාත්මක සාකච්ජාවක්
වෙඩින් එකට ආපු හැමෝටම ලක්ෂ ගණන් වටින තෑගි දුන්න අපූරු මගුල
 
බැඳපු අලූත දවසට දහ දොළොස් පාරක් ලිංගිකව එකතු වෙන්න පුළුවන් කියල නොබැඳපු තරුණ තරුණියෝ හිතනවා. මෙය ඇත්තක් ද ?

​ සමහර අයට මේ පිළිබඳව අවබෝධයක් නැහැ. මගේ ලිංගික දුර්වලතාවයක් තියෙනවාය, මගේ ලිංගික අප‍්‍රාණිකත්වයක් තියෙනවාය කියල සමහර අය ප‍්‍රතිකාර පතා මා ලඟට ඇවිල්ලත් තියෙනවා. මොකද කියල හොයල බලනකොට, දවසකට දෙතුන් පාරකට වඩා බෑ කියල කියනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඒක තමයි ගාන. මම දෙන පිළිතුර තමයි අයිසේ මට එච්චරවත් බෑනේ කියලා.

​ එතකොට, ඇත්තද සර් ? මගේ යාළුවෝ මට කියලා තියෙන්නේ අමූලික බොරුවක්නේ. එයාලා කිව්වේ බැඳපු අලූත දවසකට දහ දොළොස් පාරක් ලිංගිකව එකතු වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මං හිතුවේ මට ලිංගික අප‍්‍රාණිකත්වයක් ඇති කියලා කියනවා.

​ මේ පිළිබඳව නිවැරැදි අවබෝධයක් අප කාටත් තිබිය යුතුයි. බොහෝ දෙනකුට බැඳපු අලූත එක රාති‍්‍රයකදී ලිංගිකව එක්වරක් නැත්නම් දෙවරක් හැසිරෙන්න පුළුවන්. නමුත් වයසට යෑමත් සමඟ සුමානෙකට සැරයක්, දෙසැරයක් හෝ මාසෙකට වරක්, දෙවරක් වෙන්නත් පුළුවන්. දවසකට දහ දොළොස් පාරක් නම් එ්ක ලෝක වාර්තාවක්. ඒ වුනත් එය රෝගයක් නොවේ. නමුත් එහෙම අවශ්‍යතාවයක් නම් ඇති වෙන්නේ නෑ.

​ ස්වයංවින්දනය සමඟ බැඳුණු මිත්‍යා හා වැරැදි මත මොනවාද ?

​ ස්වයංවින්දනය කියන්නේ ස්වභාවික කි‍්‍රයාවලියක්. නමුත් සමහර ආගමික ග‍්‍රන්ථ වල මෙය අස්වාභාවික දෙයක් ලෙස සැලැකෙනවා. ඒ වගේම ආයුර්වේදයේ පවා මෙය රෝගයක් හැටියට සැලැකුණා.

​ මේ පිළිබඳව පළමුවෙන්ම පර්යේෂණ කළේ කිංස්ලි කියන වෛද්‍ය විද්‍යඥවරයා. ඊට පස්සේ මාස්ටර් සහ ජොන්සන් කියන විද්‍යාඥයින්. ඒ අයගේ පර්යේෂණ අනුව පෙනුන දෙයක් තමයි මෙය ඉතාමත් ස්වභාවිකයි බව. එවගේම පිරිමින් අතරින් සියයට 98 ක් පමණ ද කාන්තාවන් අතරින් සියයට 70 ක් පමණ ද ස්වයංවින්දනයේ යෙදෙන බවත් සමීක්ෂණ මඟින් පෙනී ගොස් තිබෙනවා. ඒ නිසා ඒක කොහෙත්ම අස්වාභාවික කි‍්‍රයාවලියක් නෙවෙයි . මෙය ස්වභාවික කි‍්‍රයාවලියක්.

​ මූහුණේ කුරුලෑ ඇතිවෙන්නේ ස්වයං වින්දනය නිසා කියල සමහරු කියනවා..

​ වෘෂණ නොමැති පිරිමින්ට සහ ඩිම්බ කෝෂ නොමැති ගැහැනුන්ට කිසි කලෙක කුරුලෑ ඇති වෙන්නේ නෑ. කුරුලෑ ඇති වෙන්නේ ලිංගික හෝර්මෝන ( ටෙස්ටොස්ටෙරෝන් ) සිරුරේ කි‍්‍රයාත්මක වෙන විටයි. එනිසා ලිංගික හෝමෝ්න වැඩිපුර කි‍්‍රයාත්මක වන තරුණ කාලයේදී වැඩි පුර කුරුලෑ හටගන්නවා. ඒ කාලයේදී ඔහු හෝ ඇය ලිංගික වශයෙන්ද කි‍්‍රයාශීලියි. ඒ නිසා ඒ අය ස්වයං වින්දනයේ ද යෙදෙනවා. එකම වයසේ දී සමගාමීව සිදුවෙන මෙම සංසිද්ධීන් දෙක සමහරු වැරැදියට අර්ථකථනය කරනවා.

​ ස්වයං වින්දනයේ යෙදුණම ඇඟ කෙට්ටු වෙනවද ?

​ කෙට්ටු අය එහෙම කියනවා. ඒත් මහත අය එහෙම හිතන්නේ නෑ. මන්ද ඒ අය ස්වයං වින්දනයේ යෙදුනත් ඇඟ කෙට්ටු නොවන බව දන්න නිසා. සමහර අය හිතන්නේ ඒ අය මහත් වීමට හේතුව ස්වයං වින්දනයේ යෙදීම කියලයි.

​ ස්වයං වින්දනය නිසා ඇඟ කෙට්ටු වෙනවා නම්, තරබාරු අයට ඇඟ කෙට්ටු වීමේ ප‍්‍රතිකාරයක් හැටියට ස්වයං වින්දනය නිර්දේශ කරන්නත් පුළුවන්නේ.. ඒ නිසා මේවා මිත්‍යා විශ්වාස විතරයි. දවසක් මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහත්තයා මානව ලිංගිකත්වය පිළිබඳව දේශනයක් පැවැත්වුවා. දේශනය අවසානයේදී ප‍්‍රශ්න ඇසීමේ වාරය ආවා.

​ ළමයෙක් කොල කෑල්ලක මෙන්න මෙහෙම ප‍්‍රශ්නයක් අහලා එවලා තිබුණා. දිනපතා ස්වයං වින්දනයේ යෙදුණම ඇඟ කෙට්ටු වෙනව ද ? ඔහු සභාව ඉදිරියේ ප‍්‍රශ්නය හඩ නගා කියෙව්වා. ඉන්පසු ඔහු විමසිලිමත්ව ඔහුගේම ඇඟ දිහා මොහොතක් බලාගෙන ඉදලා මෙහෙම කිව්වා. ''ළමයිනේ ස්වයං වින්දනය නිසා ඇඟ කෙට්ටු වෙනවා නම් මේ දේශනය කරන මම අද මෙතන නැහැ"

​ මෙහෙදී තව කාරණයක් අප මතක තබාගත යුතුයි කියල මම හිතනවා. අප අද නවීන ලෝකයේ ජීවත් වුවද අපේ මනස එයට ගැලපෙන අයුරින් සැකසී නෑ. අපේ මනස තවමත් කි‍්‍රයා කරන්නේ දඩයම් යුගයේ මූලධර්ම වලට අනුවයි. දඩයම් යුගයේදී ( එනම් දැනට වසර මිලියන පහකට පෙර) මිනිසුන් දිගු කලක් ජීවත් වුනේ නෑ. ඒ කාලයේදී යෞවන වයසේදීම පිරිමින් සහ ගැහැණුන් ලිංගික සංසර්ගයේ යෙදුණා. දරුවන් බිහි කළා.

නමුත් අද තත්වය වෙනස්.අද අප ජීවත් වෙන්නේ දඩයම් යුගයේ නොවෙයි. නවීන විද්‍යාත්මක ලෝකයක. එහෙත් අපේ මොළය ඊට අනුරූපව පරිණාමය වී නැහැ. තවමත් ගැහැනුන් සහ පිරිමින් යොවුන් වියේදීම ලිංගිකව එක්වීමට පෙළඹෙනවා. නමුත් අපේ නවීන සමාජය සහ සංස්කෘතිය වගේම ආර්ථික අපහසුතා ඒ සඳහා ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා එම ලිංගික ආශාවන් මුදුන් පත් කර ගැනීම සඳහා ඔවුන්ට සිතින් පමණක් ලිංගික සංසර්ගයේ යෙදෙන්නට සිදුව තිබෙනවා. ස්වයං වින්දනය එහි ප‍්‍රතිඵලයක්. Man-Testicles ශුක‍්‍ර ධාතු ඉතා වටිනා දෙයක් ද ?

​ ධාතු කියන්නේ සිංහල බෞද්ධයන්ට නම් ඉතා අගනා දෙයක්. අපේ සිරුර හැදිල තියෙන්නේ සප්ත ධාතුන්ගෙන් කියලා ආයුර්වේදයේ ද සඳහන් වෙනවා. ශුක‍්‍ර ධාතුවත් ඉන් එකක්. ඉතින් මෙම ධාතුන් ශරීරයෙන් පිටවීම සිරුර වැහැරීමට හේතු වෙනවා කියලා මතයක් තියෙනවා. එම මතය අප සමාජය තුල ඉතා ගැඹුරටම කිඳා බැහැලයි තියෙන්නේ.

​ ශුක‍්‍ර බිංදුවක් හැදෙන්න ලේ බිංදු 500 ක් අවශ්‍යයි කියලා මතයක් මා පාසල් යන කාලයේදී අපේ පංතියේ ළමයින් අතර තිබුණා. ඒ නිසා සිරුරෙන් ශුක‍්‍ර ධාතු පිටවීමෙන් රක්තහීන තාවය හෙවත් පාණ්ඩුව ඇති වෙයි කියල අපි බය වෙලයි හිටියේ. ඒ බය නැති වුනේ වෛද්‍ය විද්‍යාලයේදී මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්න විජේසිංහයන් පැවැත්වූ දේශනයකට සවන් දුන්නට පස්සේ. එම දේශනයේදී ඔහු මෙහෙම කිව්වා.

​ හිස්ගෙඩියන්ගේ හැඩයක් ඇති ඇසට නොපෙනෙන තරම් කුඩා වූ ශුක‍්‍රාණු කෝටි ගණන් නිෂ්පාදනය වෙන්නේ වෘෂණ තුළ. ශුක‍්‍ර තරලය නිෂ්පාදනය වෙන්නේ ශුක‍්‍ර ආශයිකා සහ පුරස්ථ ග‍්‍රන්ථිය තුළ. ළිඳේ උල්පතකින් වතුර උනනවා වගේ ශුක‍්‍රාණු සහ ශුක‍්‍ර තරලය දිනපතා අපේ සිරුර තුළ නිෂ්පාදනය වෙනවා. හරියට අපේ කටට කෙළ උනනවා වගේ. කේඨ ධාතුවත් ශුක‍්‍ර ධාතුවත් අතර ලොකු වෙනසක් නැහැ. ඒ විදිහට බැලූවොත් අපි නිතර නිතර කෙළ ගසන විටත් ඇඟ කෙට්ටු වෙන්න ඕනෙ.

​ මුත‍්‍රා සමඟ ධාතු පිටවීම රෝගයක්ද ?

​ ඇත්ත වශයෙන්ම මුත‍්‍රා සමඟ ධාතු පිටවීම කියා රෝගයක් නැහැ. එවන් රෝගයක් නවීන වෛද්‍ය විද්‍යා පොත්වල විස්තර කරලා නැහැ. එයත් අපේ සංස්කෘතිය තුළ පවතින තවත් සංස්කෘතික රෝගයක්. නැත්නම් මිථ්‍යාවක්.

​ මුත‍්‍රා සමඟ ධාතු පිටවීම කියල කියන්නේ මුත‍්‍රා සමග පොස්පේට් කියන ලවණය තියෙන කොට මුත‍්‍රා කරාට පස්සේ කැටි ගැහෙන ගතියක් තියෙනවා. ඒ වගේම ලිංගික සම්බන්දතාවයක් පවත්වා ඉවර වූ ගමන් මුත‍්‍රා කළොත් මුත‍්‍රා මාර්ගයේ තියෙන ශුක‍්‍ර ධාතු පිට වෙන්න පුළුවන්. එහෙම ඇරෙන්න මුත‍්‍රත් සමඟ වෘෂණ කෝෂවල තියෙන ධාතු පිට වීමේ කි‍්‍රයාවලියක් හඳුනාගෙන නැහැ. ඒ නිසා මුත‍්‍රා සමඟ ධාතු පිටවීම කියන්නේ සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක්.

​ ලිංගික අප‍්‍රාණිකත්වය සඳහා බලපාන හේතු මොනවාද ?

​ තරුණයන් අතර තියෙන ප‍්‍රධාන ලිංගික ගැටළුව තමයි ක්ෂණික මෝචනය. වැඩිහිටියන් අතර තියෙන ප‍්‍රධාන ලිංගික ගැටළුව තමයි ලිංගික අප‍්‍රාණිකත්වය.

​ ක්ෂණික මෝචනය නැත්නම් ඉක්මණින්ම ධාතු පිටවීම මොළය හා බැඳුණු කි‍්‍රයාවලියක්. අපේ ශරීරයේ තියෙන ප‍්‍රධාන ලිංගේන්ද්‍රිය මොළයයි. මෙහිදී වෙන්නේ මොළය ඇතුලේ ෂොර්ට් ෂර්කිට් වෙනවා වගේ වැඩක්. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය කාලය මානසික වශයෙන් කල් දමා ගැනීමේ නොහැකියාව. ඒ සඳහා මොළයට ලබා දෙන ප‍්‍රතිකාර තියෙනවා.

​ ඒ වගේම ලිංගික අප‍්‍රාණිකත්වය බොහෝ වෙලාවට වැඩිහිටි අයටයි තියෙන්නේ. වයසට යන විට කොහොමත් ලිංගය තරුණ වයසේදී තරම් ප‍්‍රාණවත් වන්නේ නැහැ. සමහර ඖෂධ නිසාත් ස්නායු වලට බලපාන රෝග නිසාත් (දියවැඩියාව වැනි ) ලිංගික අප‍්‍රාණිකත්වය ඇති වෙන්න පුළුවන්.

අවුරුදු හතළිහත් හැත්තෑවත් අතර පිරිමින්ගෙන් සියයට 50 කට පමණ ලිංගික අප‍්‍රාණිකත්වය තිබිය හැකියි. අවාසනාවකට මෙන් ලිංගික අප‍්‍රාණිකත්වයෙන් පෙළෙන බොහෝ අය ලැජ්ජාව නිසා ප‍්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරුන් වෙත යන්නේ නැහැ. මේ අයට ලබා දිය යුතු වැදගත් පණිවිඩයක් තියෙනවා. එනම් ව්‍යග‍්‍රා හෙවත් සිල්ඩෙනෆිල් සිට්ටේ‍්‍රට් නමැති ඖෂධය මගින් ලිංගික අප‍්‍රාණිකත්වයෙන් පෙළෙන්නන්ගෙන් සියයට අනූවක්ම සුව කළ හැකි බවයි.

​ ව්‍යග‍්‍රා පෙත්ත හොයා ගත්තේ කොහොමද ?

​ එය එක විදිහක අහඹු සිදුවීමක්. ව්‍යාග‍්‍රා පෙත්තේ අඩංගු රසායනික ද්‍රව්‍ය වන සිල්ඩෙනෆිල් මුලදී භාවිත කළේ හෘදයේ රුධිර ගමන අඩු අය සඳහා පර්යේෂණ ඖෂධයක් ලෙසයි. පර්යේෂණය අවසානයේදී හෘදයේ රුධිරනාල සිහින් වීම නිසා හටගත් ඇන්ජයිනා රෝගය සුව නොවන බව පෙනී ගියත් සමහර පිරිමි තම අත ඉතිරි වූ බෙහෙත් පෙති නැවැත දීමට අකමැති වුනා. එයට හේතුව හොයා බැලීමේදී පෙනී ගියේ එම ඖෂධය මඟින් හෘදය වස්තුවට රුධිරය ගලායාම වැඩි නොවූවත් වෙනත් ඉන්ද්‍රියකට රුධිරය ගලායාම සිදුවන බවයි. එය නම් පුරුෂ ලිංගයයි.

​ ව්‍යග‍්‍රා පෙති ගැනීමේ දී සැලැකිලිමත් විය යුතු කරුණු ද තියෙනවා. ව්‍යග‍්‍රා කියන්නෙත් හෘද රෝග සඳහා දෙන ඖෂධයක්මයි. හෘද රෝගවලින් පෙලෙන අය එය ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් අනුව ලබාගත යුතුයි. නැත්නම් හෘද රෝගයට ගන්නා ඖෂධ ප‍්‍රමාණය දෙගුණ වෙලා සමහර බල පෑම් ඇති වෙන්න පුළුවන්. එවගේම මෙම පෙති ලබාගත යුත්තේ ලිංගික අප‍්‍රාණිකත්වයෙන් පෙළෙන අයයි. ඒ ද වෛද්‍ය උපදෙස් අනුවයි.

​ ව්‍යග‍්‍රා පෙති ගැනීමෙන් පසු ලිංගික සංසර්ගයේදී මිනිසුන් මිය යන්නේ නැහැ. එය පැතිරී ගිය මිථ්‍යාවක්. ඕනෑම අලූත් ඖෂධයක් එනකොට ඒවා පිළිබඳ බෙහෝ මිත්‍යා කතා පැතිරෙනවා. මම පසු ගිය අවුරුදු පහළොවක කාලයක් තිස්සේ රෝගීන්ට මෙම ඖෂධය ලබා දීලා තියෙනවා. කිසිම කෙනෙකුට එවැනි ආබාධ ඇති වී නැහැ.

​ පළමු සංසර්ගයේදී පිරිමින්ගේ නූලත් කැඞී යායුතු ද?

​ මෙය ෆි‍්‍රනියුලමය (Frenulum) ලෙස හඳුන්වනවා. විශේෂයෙන්ම ශිෂ්ණය පිටු පස්සේ පෙර සම හාවෙන කොටස. කාන්තාවකගේ කන්‍යා පටලය වගේ මෙයත් කැඞී යායුතුයි කියන විශ්වාසයක් පිරිමින් අතර තියෙනවා. එහෙම කැඞී යා යුතු නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. බොහෝම කලාතුරකින් තමා එහෙම කැඩෙන්නේ. ඇත්ත වශයෙන්ම ලිංගික කි‍්‍රයාවලියේදී එම නූල වැනි කොටස කැඞී යෑම අස්වාභාවිකයි. ඒ අනුව ෆි‍්‍රනියුලමය අනිවාර්යයෙන්ම කැඞී යායුතුයි කියන මතය මිථ්‍යාවක්.

​ වෘෂණ කෝෂ පිළිකා හඳුනා ගන්නේ කොහොමද ?

​ ඉතාමත් වැදගත්. කාන්තාවන් පියයුරු පරීෂා කරනවා වගේ වෘෂණ කෝෂ පිරිමින් විසින් පරික්ෂා කළ යුතුයි. විශේෂයෙන්ම ස්නානය කිරීමේදී තමන්ගේ වෘෂණ කෝෂ ස්පර්ෂ කර ගැටිති වැනි දේවල් තියෙනවද කියල බැලිය යුතුයි. මොකද වෘෂණ කෝෂ පිළිකා වේදනාකාරී නොවන නිසා එය විශාල වන තෙක් හිදීමෙන් බැරෑරුම් තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඉතා, වැදගත් කාන්තාවන් තමන්ගේ පියයුරු පරීෂා කරනවා වගේ පිරිමිනුත් තමන්ගේ වෘෂණ කෝෂ ස්පර්ෂ කර එහි අමුත්තක් තියෙනවද නැද්ද කියා බලන එක. එවැනි අමුත්තක් තියෙනවානම් වහාම වෛද්‍යවරයෙකු මුණගැසිය යුතුයි.මෙය ඉතා දුර්ලභ පිළිකා විශේෂයක්. එහෙත් අවුරුදු 15ත් 35 ත් අතර තරුණයන් අතර වැඩි පුර දකින්නට පුළුවන්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න