Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගුවන් සේවා වෙබ් අඩවිය හැක්කර තමන්ගේ මූණෙ පොටෝ එක දාගෙන

|Thu, 23 November 2017|Miscellaneous| Page Views : 28

අලුත් පුවත්
පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කරලා මාටිටු
ලබන මස සිට LED බල්බ් නොමිලේ
පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කරලා මාටිටු
පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කරලා මාටිටු
ලක්ෂ 7ක හෙරෝයින් සමග අත්අඩංගුවට
 

ගුවන් නියමුවකු වීම සඳහා කුඩා කාලයේ සිට ඇති වූ ආසාවක් ඉටුකර ගැනීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවියට ඇතුළු වී එහි තිබූ ගුවන් නියමුවකුගේ ඡායාරූපයට තම ඡායාරූපය ඇතුළු කර වංචනික ලෙස ගුවන් නියමු බලපත්‍රයක් සකස් කළ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත පසුගියදා මුදාහැර තිබේ.

හෂාන් චතුරංග සිල්වා නමැති සැකකරු පසුගිය 16දා කොළඹ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුනේ වෙබ් අඩවියක් හැක්කර එහි කරුනු විකෘති කිරීමේ අයථා හැසදිරීම සම්බන්ධයෙනි. මෙම සැකකරුට පාසල් අවධියේ සිටම මිතුරන් විසින් ‘කැප්ටන්‘ යන නාමයෙන් ආමන්ත්‍රණය කර ඇති බවත්, එයට හේතුව ඔහුට ගුවන් නියමුවකු වීමට තිබූ ආසාව නිසා බවත් ඇප ලබාගැනීම සඳහා මොහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් උසාවියේදී කරුණු ඉදිරිපත් කර තිබුණි.

මෙම ආශාව හේතුවෙන් මොහු සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවියට ඇතුළු වී එහි ඇති ගුවන් නියමුවකුගේ ඡායාරූපයට ඔහුගේ ඡායාරූපය ඇතුළු කොට "ෆේස්බුක්” හරහා මිතුරන්ට යවා ඇති නමුත් වංචාවක් සිදුකරන අදහසින් එය කර නොමැති බවත් නීතීඥයින් පෙන්වා දුන් අතර පසුව සැකකරුට ඇප නියම විය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න