Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සර්වේෂ්වරන්ගේ අමාත්‍යධූරය උදුරා‍ගැනීමෙි වෑයමක්

|Fri,24 November 2017 13:08|Political| Page Views : 56

අලුත් පුවත්
කොළඹට පදික මංතීරු ජාලයක්
බලපිටියේ ධිවරයෝ පිරිසක් මග අහුරයි
ශ්‍රී ලංකාව යළිත් ලෝකයේ අංක එකට
පැය 18ක ජල කප්පාදුවකට සූදානම් වන්න
රට සහල් දේශීය සහල් කෙරෙන ජාවාරමක්
මව සමග අමනාප වු පුතා යකා නටයි
 
පරිවර්තනය කලේ( සෙයිදි වෙබ් අඩවිය)

උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය කේ.සර්වේෂ්වරන්ගේ අමාත්‍යධූරය උදුරා‍ගැනීම සඳහා, උතුරු පළාත් සභාවේ පාලක පක්‍ෂයේ කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව දැනගැනීමට ලැබී ඇත.

උතුරු පළාත් සභාවේ වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටින කේ.සර්වේෂ්වරන්, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ පක්‍ෂය නියෝජනය කර, දෙමළ ජාතික සන්ධානයේ ‘නිවස’ සළකුණින් පළාත් සභා මැතිවරණයට තරඟ කර ජයග්‍රහණය කර, පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වී මේ වන විට එම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියි.

පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණයට තමන් ‘නිවස’ සළකුණින් තරඟ නොකරන බවත්, පොදු සන්ධානයක් පිහිටුවා, දෙමළ ජනතා සංසදය සහයෝගයෙන් පොදු සළකුණක් යටතේ තරඟ කරන බවත් ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ පක්‍ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මෑතකදී ප්‍රකාශ කර තිබුණි. මෙවැනි පසුබිමකදී, දෙමළ ජාතික සන්ධානයේ ‘නිවස’ සළකුණින් මැතිවරණයට තරඟ කර, ජයග්‍රහණය කළ කේ.සර්වේෂ්වරන්, තම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, එසේ සිදුනොකළහොත්, ඔහුව අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන බවත් උතුරු පළාත් සභාවේ පාලක පක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් වෙත ප්‍රකාශ කර ඇත.

ඒ අතරම, මුලතිව් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවීගරන්ට උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යධූරය ලබාදිය යුතුය යන ඉල්ලීම ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් වෙත ඉදිරිපත් කර ඇති බවත් දැනගැනීමට ලැබී ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න