Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනාධිපතිවරයා වෙත ප්‍රසිද්ධ ඉල්ලීමක් ඉදිරිපත් කල චාල්ස් නිර්මලනාදන්

|Fri,24 November 2017 13:18|Political| Page Views : 49

අලුත් පුවත්
අතුරුදන්වූ සබ්මැරීනයෙන් නිකුත් අමුතු ශබ්දය ගැන පරීක්ෂණයක්
වියානා ඇළෙහි අතුරුදන් වූ දරුවාගේ සිරුර සොයා ගැනේ
සර්වේෂ්වරන්ගේ අමාත්‍යධූරය උදුරා‍ගැනීමෙි වෑයමක්
කොළඹට පදික මංතීරු ජාලයක්
බලපිටියේ ධිවරයෝ පිරිසක් මග අහුරයි
ශ්‍රී ලංකාව යළිත් ලෝකයේ අංක එකට
 
පරිවර්තනය කලේ( ටැමිල්වින් වෙබ් අඩවිය)

ඔබ තුමා යටතේ මහවැලි අමාත්‍යංශය ක්‍රියාත්මක වීම හේතුවෙන්, මුලතිව් දිස්ත්‍රික්කයේ මහවැලි ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටළුවලට නිසි විසඳුමක් ලබාදෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින්නෙමු. ඒ අතරම, වගකිව යුතු අමාත්‍යවරු එහි සේවය කරනවා නම්, අපට වෙනත් රටවල සිට හාල් ආනයනය කලයුතු අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ප්‍රකාශ කර ඇත. 2017.11.23 වන දින පාරිලිමේන්තුවේ පැවැති කාරක සභා විවාදයට සහභාගි වී කතා කල අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත. “ මහවැලි ඉඩම් සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂක ජනරාල්වරයා සමග සාකච්ඡා කර, කඩිනමින් විසඳුමක් ලබාදෙන බවට අමාත්‍යවරු වන මහින්ද සමරවීර සහ අනුරාධ ජයවර්ධන යන දෙදෙනා පොරොන්දු වී තිබුණි.

පවුල් 146කට අයත් ඉඩම් අක්කර 614ක් සඳහා වන ඉඩම් ඔප්පු තවමත් ලබාදී නොමැත. කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජීවත්වූ ජනතාව, 1984 වර්ෂයේ බලහත්කාරයෙන් පිටුවාහල් කල පසු, එම ජනතාවට අයත් ඉඩම් අක්කර 833ක භූමි ප්‍රමාණයක් සහෝදර ජනතාවට ලබාදී ඇත.

මහවැලි අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වනු ඇත. මෙවැනි පසුබිමකදී, මුලතිව් දිස්ත්‍රික්කයේ මහවැලි ඉඩම් සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ගැටළුවක් ඇත. එය ඔබ තුමාගේ රජයේ පාලනය කාලයේදී ඇතිවූ ගැටළුවක් බව මා ප්‍රකාශ නොකරන්නෙමි. නමුත්, එම ජනතාවට විසඳුමක් ලබාදීමේ හැකියව ඔබ තුමාට ඇත. ඒබැවින්, ඒ සඳහා මැදිහත්වී කඩිනමින් විසඳුමක් රැගෙන දෙන මෙන් මා මෙම අවස්ථාවේදී ඔබ තුමාගෙන් ඉල්ලා සිටින්නෙමි” යනුවෙන් චාල්ස් නිර්මලනාදන් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න