Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඓශ්චර්යා රායිගේ වයස කීයද කියලා දැනගන්න කැමතිද ?

|Tue,28 November 2017 11.30|Gossip| Page Views : 79

අලුත් පුවත්
වයලින් වාදක රුවන් වීරසේකර මියයයි
ලයිට්කෝස් ක්‍රමය තහනම් කරයි
නීත්‍යානුකූල නොවන ලෙස හමුදා සේවය අතැර ගිය 556 ක් අත්අඩංගුවට, මෙහෙයුම් අඛණ්ඩව..
ලංගම සේවකයන් ලෙඩ වෙයි
ශ්‍රී.ල.නි.පය සහ ඒකාබද්ධ විපක්ෂය අද තීරණාත්මක සාකච්ඡාවක..
දුමින්දගේ අභියාචනයට සම්පූර්ණ විභාගයක්
තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති දකුණු කොරියාවට ..
නොරෝච්චෝලයට ටර්බයින චීනයෙන් නොමිලේම දෙයි
 
භාරතය එදා මෙදා තුර සුරූපිනියන් බිහි කළ දේශයක්‌. වචී, දන්ත, වයස්‌, කේෂ, මාංශ යන පංච කල්‍යාණයම දරන සුරූපිනියක්‌ වෙන්නට නම් මහා පිනැත්තියක්‌ ද විය යුතුයි. ලෝකයේම රූමත්ම කාන්තාව ලෙස කිරුළු පළන් ඓශ්චර්යා රායි භච්චන් පසුගිය දා ඇගේ 44 වන උපන් දිනය සැමරුවා. එපමණ වයස්‌ගත වුවත්, විවාහක එක්‌ දරු කාන්තාවක වුවත් ඇගේ රූප ශෝභාව නම් මඳකිනුදු අඩු වී නැහැ. මෙයට හේතුව ඇය සම්බන්ධ වී සිටින භච්චන් පවුලේ ඉසුරුමත්කම බව යමෙකුට තර්ක කළ හැකි වුවත් මුදලට සියලුම දේ ගත හැකිද?

උපතින් ලත් සුරූපී ලාලිත්‍යවත් නාරි දේහය හැරුනු විට ඇගේ දක්‌ෂකමත්, දහිරියත්, යහ ගති ගුණත් මෙන්ම පෙර කළ පිනුත් සරි සරියේ ඊට හේතු වන්නට ඇති. ලෝක රූප රාජිනිය වුණත් ජනතාව ඇයව ආදරයෙන් වැළඳ ගත්තේ නිළියක ලෙස සිනමා ගමනයත් සමඟයි. අතිශයින් තරගකාරී බොලිවුඩ් සිනමාවේ කිරුළු පළඳින්නට පොත්තෙ රත පමණක්‌ ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා අති මහත් කැපවීමක්‌, ඉවසීමක්‌, සංයමයක්‌ මෙන්ම සහජ දක්‌ෂකමකුත් තිබිය යුතුමයි.

ඓශ්චර්යා මුලින්ම අවතීර්ණ වුණේ විලාසිතා නිරූපණයටයි. පාසල් අවධියේ සිටම රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වලටත් පෙනී සිටි ඇය පසුව ඉන්දීය රූ රුජින තරගයෙන් දෙවන ස්‌ථානය දිනා ගත්තා. ඇගේ ජීවිතයේ මුදුන් හැරවුම් ලක්‌ෂය වුණේ 1994 ලෝක රූ රැජින ලෙස අභිශේක ලැබීමයි. ඒ හා සමඟම ඇයට විශ්මිත ආලෝකවත් ලෝකයක දොරටු විවර වුණා. නමුත් ඒ ආලෝකයෙන් ගිජිකනා නොවැටී, තම ආත්ම ගෞරවය රැකගෙන විනීතව අභිමානවත් ලෙස නැගී සිටින්නට හැකි වුණේ ඇගේ බුද්ධිමත් බවත් කුඩා කල පටන් මවුපියන් ඇසුරින් ලද මනා ශික්‌ෂණයත් නිසාමයි. වරක්‌ ලංකාවට පැමිණි ඇය තමාගේ මැදහත් නිහතමානී භාවය හොඳින් විදහා පෑවා. චාම් සාරියක්‌ හැඳ තම මවත් සමග ඓශ්චර්යා පැමිණියේ සාමාන්‍ය යුවතියක්‌ ලෙස මිස ලොවක්‌ දිනූ රැජිනක්‌ ලෙස ආටෝප සාටෝප එල්ලාගෙන නොවෙයි.

ඓශ්චර්යාගේ මේ චාම් සරල සුන්දරත්වය ඇගේ ජීවිතයටම බද්ධ වූ කොටසක්‌ වගෙයි. සිනමා කර්මාන්තය තුළ වේශ නිරූපණයට ඉතා වැදගත් තැනක්‌ හිමි වුණත්, මේ නිළිය තුළ නිසඟයෙන්ම පවතින සුන්දරත්වය නිසාදෝ ඇයට කෘත්‍රිම ආලේපන භාවිතා කරන්නට සිදු වුණේ ඉතාමත් අවම ලෙසයි. ජෝෂ් (2000) චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතය මේ සඳහා කදිම උදාහරණයක්‌. අවම හැඩගැන්වීම් ඇති ඒ නිර්මාණය ඇගේ ස්‌වාභාවික සුන්දරත්වය වඩාත් උද්දීපනය කරන කැඩපතක්‌.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න