Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලක්ෂ 23ක් රට පටවන්න හැදූ අයෙක් දැලේ

|Tue,28 November 2017 11.42|Special| Page Views :

ශ්‍රී ලංකා රුපියල් විසි තුන් ලක්ෂ විසි දහසක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ බව කියන කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු (46) අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සුනිල් ජයරත්න මහතා පවසයි.

රුපියල් 20,000 ක් පමණක් ගුවන් තොටුපොළ ඔස්සේ රටින් බැහැරට ගෙන යා හැකි බවත් ඊට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් රැගෙන යන්නේ නම් ඒ පිළිබඳව රේගුවට ප්‍රකාශ කළ යුතු බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙම මුදල ඔහු රැගෙන ආ ගමන් මල්ලේ රුපියල් 1,000 නෝට්ටුවලින් මෙලෙස සඟවා තිබුණි .

මෙම මුදල් ඩුබායි වෙත ගෙන ගොස් එහි සේවය කරන ලාංකික ශ්‍රමිකයන්ට ලබා දෙන වැටුප් මුදල්වලට මාරු කර විදේශ මුදල් බවට පරිවර්තනය කර ගන්නා මොවුන් පසුව ඒවා ලබා දී රත්තරන් හෙරොයින් වැනි නොයෙකුත් දෑ මිලදී ගෙන යළි ශ්‍රී ලංකාවට නීතිවිරෝධීව රැගෙන එන ජාවාරමක් ක්‍රියාත්මක බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ඔබේසේකර මහතා විසින් පවත්වනු ලැබූ අතර එහිදී මෙම මුදල් තොගය රාජසන්තක කළ අතර මෙම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරිණ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න