Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මංගල උත්සවයක් සඳහා ළමුන් යොදාගැනීම පිළිබඳ විමර්ශනයේ වාර්තාව නීතීපතිට

|Tue,28 November 2017 12.14|Special| Page Views :

මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා ළමුන් 250 දෙනෙකු සහභාගී කරවා ගනිමින් එම ළමුන්ව හිංසනයට ලක්කළ බවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිදු කළ විමර්ශනයේ වාර්තාව මේ වන විට නීතිපති උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.

එහිදී 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනතේ 308 (අ) වගන්තියට අනුව නඩු පැවරීමේ හැකියාව පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නීතිපතිතුමාගෙන් උපදෙස් විමසා සිටින බව එම අධිකාරියේ සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පැවසුවාය.

නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස් මත මෙම සිදුවීමට අදාළ ඉදිරි කටයුතු තීරණය කරනු ලැබේ.

කිසිදු කටයුත්තක් සඳහා ළමුන්ව හිංසනයට ලක්වන අයුරින් භාවිත කිරීම, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අනුමත නොකරන අතර, එවැනි හිංසන සිදුවීම් පිළිබඳව වහාම 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා පැමිණිලි කරන ලෙසද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටී.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න