Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංගමට විදුලි බස් රථ

|Tue,28 November 2017 12.00|Security| Page Views :

අයවැයෙන් යෝජනා කර ඇති විදුලි බස් රථ මෙරටට ගෙන්වීමට මාස 5කට අධික කාලයක්වත් ගතවනු ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ලබන වසරේ ජනවාරි මාසයේදී ඊට අදාළ සාකච්ඡා සියලූ පාර්ශව සමග සිදුකරන බවයි.

අයවැය ලබන මස 09 වනදා සම්මත වීමෙන් අනතුරුව විදුලි බස් රථ සඳහා ටෙන්ඩර් කැඳවීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

මෙම කටයුතුවලට පෙර මෙරට ධාවනය සඳහා සුදුසු බස් රථ වර්ගය කුමක්ද කියා හඳුනාගත යුතුව ඇති බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සඳහන් කළා.

පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංගම හරහා විදුලි බස්රථ 50 ක් ගෙන්වීමට 2018 අයවැය යෝජනාවෙන් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 500 ක්.

විදුලි බස්රථ ගෙන්වීමට කැමති පෞද්ගලික බස්රථ හිමියන්ටද සහන ලබාදෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න