Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනතාව තීරණය කරනු ඇත

|Tue,28 November 2017 14.27|Political| Page Views : 29

අලුත් පුවත්
කොන්දොස්තරගෙන් රුපියල ඉල්ල හැඬූ අම්මාට රණවිරුවා මුළු පඩියම දන්දෙයි.
කෝලි විවේක ගනී
ශ්‍රී ලංගමට විදුලි බස් රථ
මංගල උත්සවයක් සඳහා ළමුන් යොදාගැනීම පිළිබඳ විමර්ශනයේ වාර්තාව නීතීපතිට
ලක්ෂ 23ක් රට පටවන්න හැදූ අයෙක් දැලේ
ඓශ්චර්යා රායිගේ වයස කීයද කියලා දැනගන්න කැමතිද ?
වයලින් වාදක රුවන් වීරසේකර මියයයි
ලයිට්කෝස් ක්‍රමය තහනම් කරයි
 
පරිවර්තනය කලේ(ජේවීපී නිව්ස් වෙබ් අඩවිය)

“පසුගිය රජයේ පාලකයින් සමඟ සන්ධාන ගතවි සිටි ඩග්ලස් දේවානන්දන් මේ වන විට ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියි. ඔහුට සමාව දෙනවාද? නැද්ද? යන්න තීරණය කළ යුත්තේ දෙමළ ජනතාවයි” යනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ඩග්ලස් දේවානන්දන්, ‘මියගිය ඥාතීන්ව අනුස්මරණය කිරිමට ඉඩ ලබාදිය යුතුය. එයට කිසිඳු පුද්ගලයෙකු බාධාවක් ලෙස නොසිටිය යුතුය’ යනුවෙන් ප්‍රකාශ කර තිබුණී. මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අවස්ථාවේදී ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“පසුගිය කාලයේ රාජපක්‍ෂවරුන්ගේ හවුල්කරුවෙකු ලෙස සිටිමින් , ඔවුන් සමඟ සුඛෝපභෝගි ජිවිතයක් ගතකළ අවස්ථාවේදී, ඩග්ලස් දේවානන්දන් මෙවැනි ප්‍රකාශයක් සිදුනොකළේ මන්ද? යන්න විමසීමට කැමැත්තෙමි.

මුල්ලිවායික්කාල් දෙමළ ජාති ඝාතනය අප උතුරු පළාත් සභාව ඉදිරිපිටදී, අනුස්මරණය කළ අවස්ථාවේදීත්, දැල්වූ පහන සිංහල පොලිස් නිලධාරියෙකු විසින් බිමට තල්ලු කර, තම පාදයෙන් දැල්වුණු පහන නිවූ අවස්ථාවේදීත්, මුල්ලිවායික්කාල් වෙරළ තීරයේදී නාවික හමුදාවේ තර්ජනවලට ඔබ්බෙන් ගොස්, මියගිය පුද්ගලයින් වෙනුවෙන් ගෞරවය පුදකළ අවස්ථාවේදීත්, හමුදාව විසින් එල්ලකළ තර්ජන මධ්‍යයේ මහවිරුවන්ව අනුස්මරණය කළ අවස්ථාවේදීත් කිසිඳු ප්‍රකාශයක් සිදුනොකළ ඩග්ලස් දේවානන්දන්, මේ වන විට කුමක් හෝ ප්‍රකාශ කළ යුතුය යන අදහසින් සහ ජනතාවගෙන් සමාව ගත යුතුය යන අදහසින් මෙම ප්‍රකාශය සිදුකර ඇත” යනුවෙන් එම්.කේ.ශිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න