Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ව්‍යාර්ථ කිරීමට උත්සාහ කරමින් සිටියි

|Tue,28 November 2017 14.33|Political| Page Views : 34

අලුත් පුවත්
ජනතාව තීරණය කරනු ඇත
කොන්දොස්තරගෙන් රුපියල ඉල්ල හැඬූ අම්මාට රණවිරුවා මුළු පඩියම දන්දෙයි.
කෝලි විවේක ගනී
ශ්‍රී ලංගමට විදුලි බස් රථ
මංගල උත්සවයක් සඳහා ළමුන් යොදාගැනීම පිළිබඳ විමර්ශනයේ වාර්තාව නීතීපතිට
ලක්ෂ 23ක් රට පටවන්න හැදූ අයෙක් දැලේ
ඓශ්චර්යා රායිගේ වයස කීයද කියලා දැනගන්න කැමතිද ?
වයලින් වාදක රුවන් වීරසේකර මියයයි
 
පරිවර්තනය කලේ( සෙයිති වෙබ් අඩවිය )

“දෙමළ පාර්ශවයේ ජාතිකවාදීන් ලෙස පෙන්වමින් අසත්‍යය ප්‍රකාශ කරන පුද්ගලයින්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු ව්‍යාර්ථ කිරීමට උත්සාහ කරමින් සිටියි” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

මඩකලපුව පේඩිනන්ට් ශාලවේදී, 2017.11.26 වන දින පැවති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන අතුරු වාර්තාව පිළිබඳ පැහැදිලි කිරීමේ සම්මන්ත්‍රණයට සහභාගි වි කතා කළ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් නොකළ යුතුය යන කරුණේදී, සිංහල අන්තවාදීන් දැඩි මතයක සිටියි. ඒ අතරම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන අතුරු වාර්තාව ඉදිරිපත් කිරිමෙන් අනතුරුව, එය ප්‍රතික්ෂේප කිරිමටත්, එහි දමිළයින්ට කිසිවක් නොමැත යන අදහස් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඇතැම් පුද්ගලයින්ද ප්‍රකාශ කර ඇත. වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර, ආර්.

සම්බන්ධන් මහතා සහ මා උපදේශන කමිටුවෙන් ඉවත්විය යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ සිටින ඇතැම් පුද්ගලයින් අදහස් දක්වා තිබුණි. අතුරු වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේදී, එහි තිබූ ප්‍රගතිය කිසිවෙකුත් බලාපොරොත්තු නොවීය. එය කෙතෙරම් දුරට ප්‍රගතශිලීද යන්න බලාපොරොත්තු නොවූ අවස්ථාවකදී, ඒ සම්බන්ධයෙන් බොහෝ විවේචන එල්ල විය.

ඔවුන් බලාපො‍රොත්තුවුවාට වඩා එම වාර්තාවේ ප්‍රගතියක් දැකගැනීමට ඇත. අතුරු වාර්තාව ප්‍රමාදව ඉදිරිපත් කළත්, එම වාර්තාව කුමනාකාරයෙන් තිබුණත්, අප අතර සිටින ඇතැම් පුද්ගලයින් එයට විරෝධය දැක්විය යුතුය යන ස්ථාවරයේ සිටියහ.

එහි ප්‍රථිථලයක් ලෙස, අතුරුවාර්තාව ඉදිරිපත් කිරිමෙන් අනතුරුව, එය ප්‍රතික්‍ෂේප කළ යුතු බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරන ලදි. එමගින්, ඉලංගෙයි තමිලරසු පක්‍ෂය දෙමළ ජනතාවට ද්‍රෝහිකමක් සිදුකරන බවටත්, එම වාර්තාව මගින් දෙමළ ජනතාවට කිසිඳු යහපතක් සිදු‍නොවන බවටත් ඇතැම් පුද්ගලයින් හඬ නගමින් සිටියි. එය පෙර සිටම සැලසුම් කළ එකක් බව සඳහන් කළ යුතුය” යනුවෙන් එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න