Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

Adidas සපත්තු පැළඳ සිටි මමියක් සොයා ගැනේ

||Wed,29 November 2017 09.40||Gossip| Page Views : 82

අලුත් පුවත්
ගුරු සහායකයින් අද උද්ඝෝෂණයක්
ආවා කල්ලියේ අයෙක් අත්අඩංගුවට
මුහුද හදිසියේ වෙනස් වෙයි
හිටපු ආරක්‍ෂක ලේකම් ගේ ඉල්ලීමට තිණ්දුව අද
පාසල් සිසුන්ටත් ඇඟිලි සලකුණු
තැපැල් ඡන්ද අයඳුම්පත් බාර ගැනීම දෙසැම්බර් 15න් අවසන්
ජයලලිතා ජයරාම්ට තවත් දියණියක්
ශ්‍රී ලංකා කායවර්ධන ශූරයා ඇමෙරිකාවේදී හරසරින් පිළිගනී
 
මොන්ගෝලියා වල සිදුකරලා තියෙන කැනීම්වලින් අපූරු මමියක් හමුවෙලා තියෙනවා.

මේකේ විශේෂත්වය තමයි ඒ මමිය Adidas සපත්තු දෙකකට සමාන සපත්තු දෙකක් පැළඳ සිටීම.

එහෙත් බැලූ බැල්මට ඒ මමියේ සපත්තු දෙක Adidas සපත්තු දෙකකට සමාන වුණත් එය දණහිස් මට්ටමට වෙනකන් උස්ව පිහිටි බූට් වර්ගයේ සපත්තු දෙකක් බවට මේ වනවිට හෙළිවෙලා තියෙනවා.

රතු සහ කළු වර්ණවලින් යුක්ත එම සපත්තු අඩිය ලෙදර්වලින් නිෂ්පාදනය කර තිබෙනවා.

කෙසේවෙතත මේවෙනකොට විද්‍යාඥයන් විසින් එම මමියේ සපත්තු දෙකද ඇතුළුව සම්පූර්ණ මමියම ප්‍රතිෂ්ඨාපනය කරලා තියෙනවා.

වසර දහස් ගණනකට පමණ පෙර විසූ මිනිසෙකු සතුව කෙසේ Adidas සපත්තු ජෝඩුවක් පවතින්නද ? මෙම සිදුවීම පාදක කරගෙන කාලතරණය සත්‍යයක් බව ඔප්පු කරන්නට වෙර දැරූ පිරිසක්ද සිටියා. නමුත් දැන් එම සියලු මත කුණු කූඩයට විසිවී හමාරයි.

පුරාවිද්‍යාඥයින් පවසන පරිදි මෙම මමිය මොන්ගෝලියාවේ අල්ටායි කඳුකරය තුල මියගිය කාන්තාවකට අයත් එකක්.

ඒවගේම ඇයගේ මරණය මීට වසර 1500 කට පමණ පෙර සිදුවෙන්නට ඇති බව තමයි පුරාවිද්‍යාඥයින් අනුමාන කරන්නේ.

එම මමියේ තිබී කුඩා බෑගයක්ද හමුවී තිබෙනවා.එපමණක් නොවෙයි ඒ සමගම පනාවක්, කන්නාඩියක්, කුඩා පිහියක්, සැදෑලයක් සහ අශ්වයෙකුගේ ශේෂ කොටස්ද හමුවී තිබුණා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න