Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මංජුලා වෙඩි වරුසාවක් මැද අවසන් සුසුම් හෙළයි

|Fri,01 December 2017 15.00|Gossip| Page Views : 146

අලුත් පුවත්
දක්ෂිණ අධිවේගයේ වාහන තදබදයක්
මහ පාන්දරත් 0/L කරන්න උගන්වන ජාතික පාසලක්
ප්‍රශ්නපත්‍ර මුද්‍රණයට ටර්න් කී සිස්ටම්
තවමත් විදුලිය ආවේ නැද්ද ? දැම්ම කතා කරන්න
තරුණියක් සමඟ හොර රහසේ නිවසක තනිවෙද්දී ගම්මුන්ට මාට්ටු
මාතරට මහා ගංවතුර තත්ත්වයක්!
මාතර එළියකන්ද නායයයි
නාගදීප දූපතට පිවිසෙන මාර්ගය ජලයෙන් යටවේ
 
මියගොස් ඇත්තේ කොට්ටාව රුක්මලේ බාලිකා නිවාස පාරේ අංක 170/1 නිවසේ පදිංචිව සිටි එගොඩ වතුකාරගේ මංජුලා සඳුනි අබේවික්‍රම නමැති 41 හැවිරිදි දෙදරු මවක් ඊයේ රාත්‍රියේ කළ වෙඩි තැබීමක් නිසා මියගොස් තිබෙනවා.

නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මෙලෙස මියගොස් තිබෙන්නේ පුද්ගල ඝාතන සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගතවී සිටි කාන්තාවක්.

අතුරුගිරිය මංසන්ධියේ පවත්වාගෙන ගිය රූපලාවන්‍ය ආයතනය තුළ පසුගිය ජනවාරි 17 දින සවස කිසියම් රූපලාවන්‍ය කටයුත්තක් කර ගැනීමට පැමිණි සිටි පාතාලයට සම්බන්ධ යැයි පැවසෙන අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි ටනිල් බණ්ඩාර නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධව ආධාර අනුබල දීමේ චෝදනාව මත ඇය රක්ෂිත බන්ධනාගාරගතව සිට තිබෙනවා.

පසුව ඇප මත නිදහස ලබා එළියට පැමිණ මරණ භීතියෙන් නොයෙක් ස්ථානයන්හී සැඟවී සිට ඇති අතර මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ දින එනම් ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් හමුවේ විභාග වෙමින් තිබූ මුදල් ආරවුල් සම්බන්ධ නඩු දෙකකින්ම නිදහස් වී තිබෙනවා.

මෙසේ නඩුව අවසාන වී තම දරුවන් සහ සැමියා සිටි කොට්ටාවේ නිවසට පැමිණ රාත්‍රිය ගත කරන අවස්ථාවේ රාත්‍රී 8.40ට පමණ යතුරු පැදියකින් පැමිණ සම්පූර්ණයෙන්ම මුහුණු සහ සිරුරු ආවරණ කරගත් දෙදෙනෙක් විසින් මෙලෙස වෙඩි තබා ඇයව ඝාතනය කර තිබෙනවා.

වෙඩි තබන අවස්ථාවේ මියගිය මංජුලා දිවගොස් තම නැන්දම්මාගේ සිරුරේ එල්ලී ඇති අතර එහිදී තැබූ වෙඩිල්ලක් වැදී ඇය බිම පතිත වී ඇති අතර වෙඩි ප්‍රහාර 14ක් පමණ තබා ඇති බවත් පොලීසිය පැවසුවා.

මේවනවිට ඇගේ මළසිරුර කොට්ටාව නිවසේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න