Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගිනස් පොතට ගිය අම්මා සමුගනී

|Sat,02 December 2017 10.15|Gossip| Page Views :

මෙරට වයස්ගතම කාන්තාව ලෙසට විශ්වාස කෙරෙන අරණායක, ගැවිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි පේඩිගේ අනුලාවතී අභාවප‍්‍රාප්තවී තිබෙනවා.

ඒ වනවිට ඇගේ වයස අවුුරුදු 115 ක්. ඇය 1902 වසරේ ජූනි මස 4 වැනිදා උපත ලබා ඇති බවටයි පැවසෙන්නේ.

අනුලාවතී පිළිබඳ රටේම වැඩි අවධානයක් යොමු වුණේ ඉකුත්දා අවසන් වූ සමස්ත ලංකා ප‍්‍රවීණයන්ගේ කී‍්‍රඩා උළලේදී හෙල්ල සහ යගුලිය ඉසව්වලට සහභාගිවී ඇය ගිනස් වාර්තාවකට පවා හිමිකම් කීමත් සමගයි.

එම තරගාවලියට මෙම කාන්තාව සහභාගි වූයේ අවුරුදු 110 ත් 115 ත් අතර වයස් කාණ්ඩය නියෝජනය කරමින්.

අවුරුදු 117 ක් දිවි ගෙවූ දකුණු ආසියාවේ වයස්ගතම කාන්තාව ලෙසට සැලකූ මාවනැල්ල, බලත්ගමුවේ උක්කු අම්මා අභාවප‍්‍රාප්ත වීමෙන් පසු මෙරට ජීවත් වූ වයස්ගතම කාන්තාව අනුලාවතී බවටයි විශ්වාසය පළ වුණේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න