Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දැවැන්ත ඉලක්කයක් සමගින් තරගය ඇරඹෙයි

|Mon,04 December 2017 |Special| Page Views : 12

අලුත් පුවත්
ඒකාබද්ධයෙන් අලුත් පක්ෂයක්
අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනයවන ලක්ෂණ
ලංගම බස් රථයට ගල් ගැසූ 5 ක් අත්අඩංගුවට
පෝය දා නිදන් හැරූ 4ක් අත්අඩංගුවට
හෙට සහ අනිද්දා අධික වැසි
උඩරට මැණිකෙලා අද සිට දුවයි
දිස්ත්‍රික්ක 06ක් සඳහා නායයෑමේ අවදානමක්
 
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.

දෙවන දිනය වූ ඊයේ දිනයට තරඟය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 131ක් ලබාගෙන සිටියා.

දිනය අවසන් වන විට කඩුල්ලේ රැදී සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 57ක් සහ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 25ක් රැස් කරගෙන සිටියා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිතියට පිවිසි ඩිල්රුවන් පෙරේරා ලකුණු 42ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න ලකුණු ලබා ගැනීමට පෙර දවාගන්නට මොහොමඩ් ශාමි සමත් වූණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 405ක් පිටු පසින් සිටින්නේ කඩුලු 07ක්ද අතැතිවයි.

අවසන් ටෙස්ට් තරඟයේ දෙවන දිනය ආරම්භ කරන විට ඉන්දීය කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 371 ක් ලබා සිටියා.

පසුගිය තරඟයේදී මෙන්ම මෙම තරගයේදී ද ද්විත්ව ශතකයක් රැස් කළ නායක විරාත් කෝලි ඉතිහාසයට එක් වුණේ එවන් දස්කමක් ප්‍රකට කළ ලොව 06 වන පිතිකරුවා ලෙසින්.

එමෙන්ම ද්විත්ව ශතක 06 ක් වාර්තා කළ පළමු ටෙස්ට් නායකයා බවට පත් වන්නට ද කෝලි ඊයේ සමත් වුණා.

ලොව වායු දූෂණය වැඩිම නගර ලයිස්තුවේ ඉහළම ස්ථානයක පසුවන නවදිල්ලි නුවර පිහිටි ෆෙරෝස් ශා කොට්ලා ක්‍රීඩාංගණය ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යට තර්ජනයක් වන තත්වයක පැවතීම හේතුවෙන් දිවා ආහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුඛ ආවරණ සමඟ පිටියට පිවිසීම කැපී පෙනුනා.

එවැන්නක් ක්‍රිකට් ඉතිහාසයේ සිදු වූ පළමු අවස්ථාව ලෙසයි වාර්තා වන්නේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න