Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වර්ගවාදය මෙරටින් තුරන්කල යුතුය

|Mon,04 December 2017 12.29|Political| Page Views : 16

අලුත් පුවත්
2017 ලංකා රූ රැජින
හදිසි ජල උල්පත් මතුවීම අනතුරුදායකයි
මැතිවරණයට නව වැඩපිළිවෙලක්
ශ්‍රී පාද වන්දනාවේ ආ 4ක් අත්අඩංගුවට
පිටකොටුවේ ගින්නක්
දැවැන්ත ඉලක්කයක් සමගින් තරගය ඇරඹෙයි
ඒකාබද්ධයෙන් අලුත් පක්ෂයක්
 
පරිවර්තනය කලේ(ජේවීපී නිව්ස් වෙබ් අඩවිය)

“වර්ගවාදය සහ ආගම්වාදය මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන්කිරීමට හැකි නායකයින් බිහිකල යුතුය. එය අධ්‍යාපනය මගින් පමණක් සාර්ථකවනු ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

මඩකලපුව මදර්ස් කෙයාර් පෙරපාසලේ වාර්ෂික තයාග ප්‍රධානෝත්සවයට සහභාගිවී කතා කල අවස්තාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත. සරණාගතව විදේශිය රටවල ජීවත්වන අපගේ ඥාතීන්ගේ දරුවන්, එහි සිටින සුදු ජාතිකයින්ව දෙවන තැනට පත්කරමින් බොහෝ ක්‍ෂේත්‍රවල දක්‍ෂතා පෙන්වමින් සිටියි. අවස්ථාව ලැබෙනවිටදී, ඔවුන් එය නිසියාකාරය ප්‍රයෝජනයට ගනිමින් සිටියි.

එහි ඇති අධ්‍යාපන ක්‍රමවේද මෙහි හදුන්වාදිය යුතුය. අපගේ අධ්‍යාපන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස්කල යුතුය. අප අධ්‍යාපනයෙන් දියුණුවූ, අධ්‍යාපනයෙන් හඳුන්වාදුන් සමාජයකි. දමිළයින් වන අප අධ්‍යාපනයෙන් මුළු ශ්‍රී ලංකාවම පාලනය කළෙමු.

මෙරටේ රජයේ සියළු ක්‍ෂේත්‍රවල අපගේ දමිළයින් රාජකාරී කලහ. නැවතත් අප අධ්‍යාපනයෙන් අපගේ පැවැත්ම තහවුරුකල යුතුය. අධ්‍යාපනයෙන් සහ ආර්ථික දියුණුවෙන් පමණක් එක් සාමාජයක පැවැත්ම රඳවා පවත්වාගැනීමට හැකිය. ‘ඔබට ඔනෑම දෙයක් කල හැකිය’ යන විශ්වාසය දෙමාපියන් විසින් දරුවන් තුල ඇතිකල යුතුය. දරුවෙකුගේ දක්‍ෂතාවය නිසි අන්දමින් හඳුනාගෙන, එම දක්‍ෂතාවයට අනුව, ඔහුට ඉදිරියට ගමන් කිරීමට ඉඩ ලබාදුන්නහොත්, ඔහු එම ක්‍ෂේත්‍රය තුල සාර්ථක පුද්ගලයෙකු බවට පත්වෙනු ඇත” යනුවෙන් එස්.වියාලේන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න