Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉල්ලා සිටිමෙන් කිසිඳු ප්‍රයෝජනයක් නොමැත!

|Mon,04 December 2017 15.50|Political| Page Views : 21

අලුත් පුවත්
දොඩම්දෙණියේ පවුල් 102ක් මාරයාට අභියෝග කරයි
Windows 10 now on 600 million machines
Updating macOS can bring back the nasty “root” security bug
රට රත්කළ ලැම්බොගිනියේ අයිතිකරු හෙළිවෙයි !
Chrome going to stop third-party software injections
රත්‍රං මිල පහළ යයි
වර්ගවාදය මෙරටින් තුරන්කල යුතුය
 
පරිවර්තනය කලේ(ජේවිපී නිව්ස් වෙබ් අඩවිය)

“සන්නද්ධ සටන නිහඩ කිරිමෙන් පසු, තනි රටක් අවශ්‍ය බවට කරන ඉල්ලීමද නිහඬ කළ යුතුව තිබුණි. එම සිතුවිල්ල ඇතැම් පුද්ගලයින් තවමත් සිතෙහි තබාගෙන සිටියි. ඒ හේතුවෙන්, මෙරටේ ජනතාව අතර සමගිය ඇතිකිරීමට නොහැකි වනු ඇත” යනු‍වෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

2017.12.01 වන දින නිකුත්කළ ප්‍රශ්ණ සහ පිළිතුරු සහිත මාධ්‍ය නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.

“දෙමළ ජනතාව තනි රටක් ඉල්ලා සිටිම සහ ඒ වෙනුවෙන් වේදිකාවලදි, විමුක්ති කථා පැවැත්වීම නතර කළ යුතුය. එවැනි අදහස් මගින් වත්මන් රජය ශක්තිමත් කරනවා මිසෙක, අප සමඟ සමාකාමීව කටයුතු කරන තත්වයක් ඇතිනොකරනු ඇත. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරිමෙන්, තනි රටක් බිහිකිරීමට අප කුමන්ත්‍රණ සිදුකරන බව රජයේ නිලධාරීන් විදේශිය රාජතාන්ත්‍රිකයින්ට ප්‍රකාශ කරනු ඇත. ජාත්‍යන්තර ප්‍රජාවේ අදහස්, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ කරුණට එරෙහිව සකස් වී ඇත.

තනි රටක් යන ඉල්ලීම බලවත් රටවල සහයෝගය ඇතුව පමණක් සම්මත කළ හැකිය. එය ඉල්ලීමක් කර ලබගැනීමට නොහැකි එකක් නොවේ. පහරදී ලබාගැනීමට හැකි බව සිතා සිදුකළ සන්නද්ධ සටනද මේ වන විට නිහඬ කර ඇත. අප වෙනම ජීවත්වීමට උත්සාහ කරන්නේ නම්, විදේශීය රටවල්වල ගැත්තන් ලෙස අප වෙනස්විය යුතුය. තනි රටක් ඉල්ලා සිටීම ‍හේතුවෙන්, මෙරටේ ජනවර්ග අතර සමඟිය ඇතිකිරිමට නොහැකි බව දෙමළ ජනතාව තේරුම් ගත යුතුය.

අපගේ ජනතාව විදේශිය රටවල ඉදිමින්, මෙරටේ දෙමළ ජනතාවගේ තත්වය නොදැන කතා කිරීම නතර කළ යුතුය. මෙහි ජනවර්ග අතර සමගිය ඇතිරිමට ඉඩ ලබාදිය යුතුය” යනුවෙන් එම නිවේදනයේ සඳහන් කර ඇත. ඒ අතරම, ඕස්ට්‍රේලියානූ මහාකොමසාරිස්වරයා 2017.11.29 වන දින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් හමුවී සාකච්ඡා කර ඇති බව සඳහන් කළ යුතුය.

එහිදී අදහස් දැක්වු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, “ඕස්ට්‍රේලියාවේ වැනි බලගය බෙදාහැරීමක් දෙමළ ජනතාව ඉල්ලා සිටියි. එය දෙමළ ජනතාවට ලබාදුන්නහොත්, ‍උතුරු නැගෙකහිර පළාත වෙනම රජයක් බවට පත්වනු ඇතැයි යන බිය දකුණේ දේශපාලඥයින්තුල ඇත. ෆෙඩරල් විසඳුමක් ලබානොදුන්නහොත්, දෙමළ ජනතාව වෙනම රටක් ඉල්ලන තත්වයක් උද්ගත වනු ඇත” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න