Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අප අතර කිසිදු ගැටළුවක් නොමැත

|Mon,04 December 2017 15.53|Political| Page Views : 20

අලුත් පුවත්
ඉල්ලා සිටිමෙන් කිසිඳු ප්‍රයෝජනයක් නොමැත!
දොඩම්දෙණියේ පවුල් 102ක් මාරයාට අභියෝග කරයි
Windows 10 now on 600 million machines
Updating macOS can bring back the nasty “root” security bug
රට රත්කළ ලැම්බොගිනියේ අයිතිකරු හෙළිවෙයි !
Chrome going to stop third-party software injections
රත්‍රං මිල පහළ යයි
වර්ගවාදය මෙරටින් තුරන්කල යුතුය
 
පරිවර්තනය කලේ(ජේවිපි නිවුස් වෙබ් අඩවිය)

“පළාත් පාලන මැතිවරණය ජාතික වශයෙන් වැදගත් මැතිවරණයක් නොවේ. එය ග්‍රාමීය මට්ටමින් සංවර්ධනය ඉලක්ක කරගනිමින් පවත්වන මැතිවරණයකි” යනුවෙන් ඊපීආර්එල්එෆ් සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වු අවස්තාවේධී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“පලාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය මගින්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන අතුරු වාර්තාව ජනතාව පිළිගෙන ඇති බව පෙන්නුම්කිරීමට තමිලරසු පක්‍ෂය උනන්දුවක් දක්වමින් සිටියි. නමුත්, ඉදිරිපත් කර ඇති අතුරු වාර්තාව වැරදි වාර්තාවකි. දෙමළ ජනතාවට එරෙහි කටයුතු වැළැක්වීමට පොදු විපක්‍ෂයක් අවශ්‍ය බව එයින් අඟවා ඇත. ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති පිළිගෙන, ග්‍රාමීය සංවර්ධන කටයුතු සිතට ගෙන, දෙමළ ජාතික ජනතා පෙරමුණ සමඟ අකණ්ඩව සාකච්ඡා පවත්වා ප්‍රබල ප්‍රතිවාදී සන්ධානයක් පිහිටුවීමට සිතුවෙමු.

ඒ සඳහා සමාජ සංවිධාන ඒකාබද්ධ කරගෙන කටයුතු කිරීමට තීරණය කළෙමු. ඒ අනුව, බොහෝ දෙනෙකු සහයෝගය දැක්වු, චෙල්වනායගම් මහතාද සහයෝගය දැක්වු ද්‍රවිඩ එක්සත් විමුක්ති සන්ධානයේ ‘හිරු උදාව’ සලකුණින් තරග කිරීමට තීරණය කළෙමු. නමුත්, එය තාවකාලික සැළසුමක් පමණි.

මැතිවරනයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු, සියළු පාර්ශවවල අදහස් ලබාගෙන තීරණයක් ගැනීමට හැකි බදටද අප තීරණයක් ගෙන තිබුනෙමු. නමුත්, දෙමළ ජාතික ජනතා පෙරමුණ එය ප්‍රතික්‍ෂේප කර ඇති අතර, ඒ සඳහා බොහෝ ඒතු ඔවුන් ඉදිරිපත්කර ඇත.

එබැවින්, දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ අප අතර ප්‍රතිපත්තිමය වශයෙන් කිසිදු ගැටළුවක් නොමැත. ඒ ආකාරයෙන්ම අප සන්ධානගතවී කටයුතු කිරීම සඳහා වන කාලයද වැඩි වශයෙන් ඇත. එබැවින්, කුමන ආකාරයෙන් සන්ධානගතවී කටයුතු කල යුතුද? යන්න අකණ්ඩව අප සාකච්ඡා පවත්වන්නෙමු” යනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න