Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ගුවන් තොටුපළේදී ආපසු හරවා යවයි

|ue,05 December 2017 12.00|Miscellaneous| Page Views : 52

අලුත් පුවත්
ඉන්දීය කතක් කයිට්ස්වලදී අත්අඩංගුවට
“චාමර කියන්නේ හොඳ ටේලර් කෙනෙක්, එයා ස්ටෙජ් එකේ සිංදු කියනවා දකින්න තාත්තාට බැරි වුණා.”
ඉන්දීය සිනමා තරුවක් නිවී යයි
සාපෙ හින්දා හෙට ඉදන් සම්මන්ත්‍රණ-උපකාරක පංති සියල්ල තහනම්
මුහුදෙදී අකුණක් ගහලා ධීවරයා අවසන් ගමන් යයි
දුම්රිවල කාඩ් ක්‍රිඩා කිරීමෙන් මගීන්ට දුෂ්කරතා
අද ඉදන් මුහුදු යන්න එපා! ඔකී සුළි කුණාටුව යළිත් හිස ඔසවයි
දළ පූට්ටුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් CIDය පරික්ෂණ අරඹයි
 
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමට නියමිත වූ එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් ඊයේ (04) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබිණි.

නමුත්, ඔවුන්ට ගුවන් තොටුපොළ වෙත යාමෙන් පසුව නැවත නිවෙස් බලා යාමට සිදුව තිබිණ.

ඒ, එක්දින කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යංශයේ අවසර නොලැබීම හේතුවෙන්.

මෙරට ක්‍රීඩා නීතියට අනුව ඒ ඒ සංගම්වල තේරීම් කමිටු මගින් තෝරාගන්නා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

මේ තාක් කාලයක් එම ක්‍රියා පටිපාටියට අනුව කණ්ඩායම් නම් කළ ද, එක්දින ක්‍රිකට් කණ්ඩායමට එලෙස අනුමැතියක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන නොමැත.

ඒ අනුව, තමන් මෙම තීරණයට එළඹුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන්, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 9 දෙනෙකුට මෙලෙස අපහසුතාවට පත්වීමට සිදුව තිබේ.

තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න , චතුරංග ද සිල්වා, සචිත් පතිරණ , අකිල ධනංජය, දුශ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයෝ ඊයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව සිටියහ.

ඉහත සඳහන් කළ ක්‍රීඩකයන් අලුයම 12.30ට දිල්ලිය බලා පිටත්වීමට නියමිත වූ ගුවන් යානයෙන් පිටත්වීමේ අරමුණින් ගුවන්තොටුපොළ වෙත පැමිණි බව විශ්වාසයෙන් පැවසිය හැක.

මෙය ක්‍රිකට් ආයතනය පාර්ශවයෙන් සිදුවූ අඩුපාඩුවක් ලෙස වාර්තා වේ.

මේ දක්වා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම මාධ්‍ය වෙත නිකුත් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපොහොසත්ව තිබේ.

ශ්‍රී ලංකාව එක්දින තරග තුනකට ඉන්දියාවේදී සහභාගීවීමට නියමිතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න