Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දිල්ලියේ වායුව ශ්වසනය කරන අයකුට දිනකට දුම්වැටි 50ක විසක්..ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයෝ අදත් මුඛ ආවරණ පළදිති..

|Tue,05 December 2017 11.47|Special| Page Views : 13

අලුත් පුවත්
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ගුවන් තොටුපළේදී ආපසු හරවා යවයි
ඉන්දීය කතක් කයිට්ස්වලදී අත්අඩංගුවට
“චාමර කියන්නේ හොඳ ටේලර් කෙනෙක්, එයා ස්ටෙජ් එකේ සිංදු කියනවා දකින්න තාත්තාට බැරි වුණා.”
ඉන්දීය සිනමා තරුවක් නිවී යයි
සාපෙ හින්දා හෙට ඉදන් සම්මන්ත්‍රණ-උපකාරක පංති සියල්ල තහනම්
මුහුදෙදී අකුණක් ගහලා ධීවරයා අවසන් ගමන් යයි
දුම්රිවල කාඩ් ක්‍රිඩා කිරීමෙන් මගීන්ට දුෂ්කරතා
අද ඉදන් මුහුදු යන්න එපා! ඔකී සුළි කුණාටුව යළිත් හිස ඔසවයි
 
නවදිල්ලි නුවර වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකා-ඉන්දියා තෙවන ටෙස්ට් තරගයට පෙරේදා දිනයේදී දිවා ආහාරයෙන් පසු වරින් වර බාධා ඇති වූ අතර ශ්වසන ආබාධයන්ට ලක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දැඩි අසීරුතාවකින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පෝතාස් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

කෙසේ වෙතත් මේ වනවිට ලොව වැඩිම වායු දූෂණයක් පවතින නගරය වන දිල්ලි නගරයේ වාසය කරන පුද්ගලයකුගේ ශ්වසනය මඟින් දිනකට දුම්වැටි 50ක අන්තර්ගත විස ශරීරගත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර මෙවන් තත්ත්වයක් තිබියදීත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරත වූ බවට ඉන්දීය විස්තර විචාරකයන් මැසිවිලි නැඟීම සිනහවට කරුණක් බවට පත්වී තිබිණි. දිල්ලි නුවර පාසල් කිහිපයක් වසා දමා ඇති බවත් ශ්වසන ආබාධ නිසා පුද්ගලයන් වැඩි වශයෙන් රෝහල් ගත වන බවද පැවසේ.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර නව දිල්ලි නුවර ෆේරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට තරගයේ සිවුවැනි දිනයේදී නැවතත් පන්දු රකින ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු නැවතත් මුඛ ආවරණ සහිතව පිටියට පිවිසියේය.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජයද සිල්වා ඒ අතර වෙති. නව දිල්ලි නුවර වායු දූෂණය හේතුවෙන් ඔවුහු මුඛ ආවරණ පැළඳ ක්‍රිඩා කරති.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න