Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ටෙලෝ සංවිධානයත් ඉවත්වෙයි?

|Tue,05 December 2017 11.53|Security| Page Views : 31

අලුත් පුවත්
දිල්ලියේ වායුව ශ්වසනය කරන අයකුට දිනකට දුම්වැටි 50ක විසක්..ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයෝ අදත් මුඛ ආවරණ පළදිති..
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ගුවන් තොටුපළේදී ආපසු හරවා යවයි
ඉන්දීය කතක් කයිට්ස්වලදී අත්අඩංගුවට
“චාමර කියන්නේ හොඳ ටේලර් කෙනෙක්, එයා ස්ටෙජ් එකේ සිංදු කියනවා දකින්න තාත්තාට බැරි වුණා.”
ඉන්දීය සිනමා තරුවක් නිවී යයි
සාපෙ හින්දා හෙට ඉදන් සම්මන්ත්‍රණ-උපකාරක පංති සියල්ල තහනම්
මුහුදෙදී අකුණක් ගහලා ධීවරයා අවසන් ගමන් යයි
දුම්රිවල කාඩ් ක්‍රිඩා කිරීමෙන් මගීන්ට දුෂ්කරතා
 
පරිවර්තනය කලේ(පදිවු වෙබ් අඩවිය)

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කිරීමට, කොට්ඨාශ වෙන්කිරීමෙන් අනතුරුව, ටෙලෝ සංවිධානයත් අතෘප්තියට පත්වි ඇති බව දැනගැනීමට ලැබී ඇත. ඒ හේතුවෙන්, එම පක්‍ෂයේ නියෝජිතයින් 21 දෙනෙකුගෙන් සමන්විත මධ්‍යම කාරක සභා කමිටුව 2017.12.05 වන දින වව්නියාවේදී රැස්වී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව කේ ශිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.

දෙමළ ජාතික සන්ධානය 2017.12.03 වන දින පැවැත්වු සාකච්ඡාවේදී, ටෙලෝ පක්‍ෂයට කිසිදු යහපතක් සිදු නොවීම හේතුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කර ඇති බවද ඔහු ප්‍රකාශ කර ඇත.

පලාත් පාලන මැතිවර‍ණයේදී සභාපති ධූර ලබාගන්නා දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇති දේශපාලන පක්‍ෂයට එම මැතිවරණය සඳහා අපෙක්‍ෂකයින් 60%ක පිරිසක් පත් කරනු ඇති බවත්, අනෙකුත් සාමාජික පක්‍ෂ දෙක ඉතිරි 40%ක පිරිස 20 බැගින් බෙදාගනු ඇති බවටත් එකගතාවයකට පැමිණ ඇති බව සඳහන් කල යුතුය. මේ පිළීබඳ ගිවිසුමක් අත්සන් කිරීමටද ටෙලෝ, ප්ලොට් සහ තමිලරසු යනාදී පක්‍ෂ තීරණය කර ඇත.

සභාපතිධූරය එක් පක්‍ෂයකට ලබාදුන්නහොත්, අනෙකුත් පක්‍ෂයට උප සභාපති ධූරය ලබාදෙනු ඇති බවටද මෙහිදි තීරණය කර ඇත. මාටින් විදියේ පිහිටි තමිලරසු පක්‍ෂයේ ප්‍රධාන කාර්යාලයේ 2017.12.03 වන දින පැවති සාකච්ඡාවේදී මෙම තීරණ සියල්ල ගෙන ඇති අවස්තාවකදී, ජයග්‍රහණය කිරීමේ අවස්තාවක් ඇති ප්‍රදේශ තමිලරසු පක්‍ෂය යටතේ තබාගෙන කටයුතු කරමින් සිටියි. මේ හේතුවෙන් ටෙලෝ සහ ප්ලොට් සංවිධාන අතෘප්තියට පත්වී ඇත.

තමිලරසු පක්‍ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් පසු මාවෙයි සේනාධිරාජා මාධ්‍යට අදහස් දැක්වු අවස්තාවේදීත්, ටෙලෝ සංවිධානයේ නායක ශ්‍රී කාන්දා අතෘප්තියෙන් පිටව යන ලදි. ඒ අතරම, මාධ්‍යට කිසිවක් නොපවසන ලෙස තම පක්‍ෂය වෙනුවෙන් එම සාකච්ඡාවට සහභාගිවූ නියෝජිතයින්ට ටි.සිද්ධාර්ථන් උපදෙස් ලබාදී ඇත.

මෙවැනි පසුබිමකදී, තමිලරසු පක්‍ෂය ප්‍රථමයෙන් වන්නියේ පා තබා ඇති මෙම අවස්තාවේදී, එහි තම කටයුතු තීව්‍රකර, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද ලබාගැනීමට කටයුතුකරමින් සිටින බව ටෙලෝ පක්‍ෂයේ නියෝජිතයෙකු චෝදනා කර ඇත. එවැනි පසුබිමකදී, ටෙලෝ පක්‍ෂයේ මධ්‍යම කාරක සභා කමිටුව 2017.12.05 වන දින රැස්වීමට නියමිත බව සඳහන් කල යුතුය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න