Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අදයි

|Wed,06 December 2017 12.00|Miscellaneous| Page Views :

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අදයි.

තරඟය ඉන්දියාවේ දිල්ලිහි ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි. සිව් වන දිනය වූ ඊයේ තරඟය නිම කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 31ක් ලබා සිටියි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ධනංජය ද සිල්වා ලකුණු 13යි.

දිමුත් කරුණාරත්න ලකුණු 13කට දැවී ගියා.

පන්දු යැවිමේදී රවින්ද්‍ර ජඩේජා කඩුලු 02ක් දවා ගැනීමට සමත් වී තිබේ.

ලකුණු 410ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟය අවසන් දිනය වන අද දිනය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 379ක් ලබාගත යුතු අතර ඒ සඳහා කඩුලු 07ක් අතැතිව සිටියි.

තරඟයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 536ක් රැස්කළේය.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 373යි.

ඉන්දියාව සිය දෙවන ඉනිම සඳහා ලකුණු 246ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුනි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න