Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොතුවිල් ගමකට අලියකු පැනලා

|Wed,06 December 2017 12.30|Security| Page Views :

පොතුවිල් ප්‍රදේශයේ ගම්මානයට වන අලියෙකු ගම්වැදී වන අලියා පහර දීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (05) උදෑසන මෙම වන අලියා ගම්මානයට පැමිණ ඇති අතර ගම්මානයේ ජනතාව බියට පත්වී දිව යාම හේතුවෙන් කලබලයට පත් වන අලියා පොතුවිල් නගරයට පැමිණ තිබේ.

නගරයට පැමිණෙන අතර අලියා පහරදීමෙන් 66 හැවරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර අවුරුදු 46 සහ 25 වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකු අලියා පහරදීමෙන් තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් පොතුවිල් මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

අලියා පලවා හැරීම සඳහා ලාහුගල වනජීවි කණ්ඩායමක් හා පශු වෛද්‍ය කණ්ඩායමක් පැමිණ ඇති අතර පැය කිහිපයක මෙහෙයුමකින් අනතුරුව අලියා මුහුදු මහා විහාර භූමියට අයත් කැලෑවක් තුලට පැන ගොස් තිබේ.

අනතුරුව තවදුරටත් සිදු කල මෙහෙයුමකින් අනතුරුව අලියා ගම්මානයෙන් ඈතට පලවා හැර තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න