Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉදිරි පැය 12 ඇතුළත පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

|Wed,06 December 2017 12.39|Security| Page Views : 81

අලුත් පුවත්
පොතුවිල් ගමකට අලියකු පැනලා
සූර්ය බල සංග්‍රාමයට උපදේශන සේවාවක්
මැතිවරණ කටයුතුවලට නව පොලිස්පතිවරයෙක්
තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අදයි
මායිම් බිත්තියට මුල් වී අවසන් ගමන් යයි
මඩකලපුව මුහුදෙන් සර්පයන් ආවේ සුනාමි පෙර නිමිත්තක්ද? නාරා ආයතනය සියල්ල හෙළි කරයි
ගජමුතු එක්ක 3ක් අල්ලයි
ගාල්ලේ වෙළෙඳසැලක ගින්නක්
 
දිවයිනට කි.මී. 800 පමණ දුරින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු ඇති අතර එය වයඹ ‍‍දෙසට බරව දිවයිනෙන් ඉවතට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බවත් උතුරු, උතුරු- මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී.50 ක් පමණ) තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න