Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උප පොලිස් පරීක්ෂකලා 3029කට උසස්වීම්

|Thu,07 December 2017 09.30|Security| Page Views : 56

අලුත් පුවත්
දුම්රිය රියදුරන්ගේ වර්ජනය අද ක්‍රියාත්මකයි
ජාතික සුරක්ෂා සිසු රක්ෂනාවරණ දිනය අද
සී.එෆ්.එල්. බල්බ 31,000ක් විනාශ කරයි
ජල නලයක් කැඩී ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන්ට බාධා
ලංකාවේ මිනින්දෝරුවෝ ලෙඩ වෙති
සෙනසුරාදා ඉරිදා ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්
 
උප පොලිස් පරීක්ෂක තනතුරේ දැනට කටයුතු කරන නිලධාරීන් 3029 දෙනෙකුට පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් හිමිවන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පවසනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම කඩිනම් කරන බවයි විෂයභාර අමාත්‍ය සාගල රත්නායක පැවසුවේ.

ඒ අනුව, මේ වනවිට උප පොලිස් පරීක්ෂක සේවයේ වසර 8ක සේවා කාලය සම්පූර්ණ කළ නිලධාරීන් 2426ටද අධි සේවය මත උසස් වීම් ලබා දෙනු ඇති. මෙම ක‍්‍රමවේදය අනුගමනය කිරීම නිසා පොලිස් උප පරීක්ෂකවරුන්ට, පොලිස් පරීක්ෂක ධුරය සඳහා උසස් වීමට තිබූ අවදානම ද ඉවත් වන බවයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පවසන්නේ. එමෙන්ම මේ වනවිට කාන්තා උප පොලිස් පරීක්ෂක සේවයේ කටයුතු කළ නිලධාරින් 320 දෙනෙකුට ද උසස් වීම් හිමිවනු ඇති.

මෙම ක‍්‍රියාවලිය මගින් ශ‍්‍රී ලංකා පොලිසියේ උසස් විම් ක‍්‍රියාවලිය කඩිනම් වන බවයි අමාත්‍ය සාගල රත්නායක වැඩිදුරටත් කියා සිටියේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න