Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජනතාවගේ අයිතීන් දිනාගැනීම සඳහා නව සන්ධානයක් පිහිටුවයි

|Thu,07 December 2017 10.45|Security| Page Views : 64

අලුත් පුවත්
ඉලංගෙයි තමිලරසු පක්‍ෂය ඇප මුදල් තැන්පත්කරයි
පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදීමේදී වෙනස්කමක් සිදුකර ඇත!
ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ තාරකා ඉබ්බන්
උප පොලිස් පරීක්ෂකලා 3029කට උසස්වීම්
දුම්රිය රියදුරන්ගේ වර්ජනය අද ක්‍රියාත්මකයි
ජාතික සුරක්ෂා සිසු රක්ෂනාවරණ දිනය අද
සී.එෆ්.එල්. බල්බ 31,000ක් විනාශ කරයි
ජල නලයක් කැඩී ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන්ට බාධා
 
“දෙමළ ජනතාවගේ අනාගතය පිළීබඳව සිතා, දෙමළ ජනතාව‍ගේ අයිතීන් දිනාගැනීම සඳහා සියළු දේශපාලන පක්‍ෂ ඒකාබද්ධවී මෙම නව සන්ධානය පිහිටුවා ඇත” යනුවෙන් ඊපීආර්එල්එෆ් සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය ප්‍රධාන කාලර්යාලයේදි 2017.12.06 වන දින පැවති විශේෂ සාකච්ඡාවට සහභාගිවි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“අප සියළුදෙනා එකමුතුව ඉඳිමින් දෙමළ ජනතාවගේ විමුක්ති සටන අකණ්ඩව පවත්වාගෙන යාමට, පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය අපට වාසිදායක අන්දමින් ප්‍රයෝජනයට ගත යුතුය. මේ වනවිට අප අතර ඇතිකරගෙන ඇති ගිවිසුම පදනම් කරගනිමින් ‘සූර්යා’ සලකුණින් තරඟ කිරීමට නියමිත අතර, තවත් දින දෙකක් තුලදී අපේක්‍ෂකයින් පිළීබඳ දැනුම්දීමක් සිදුකරනු ඇත.

දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය සහ දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය යනාදිය තමිලරසු පක්‍ෂය සමඟ සන්ධානගතවී තරඟ කිරීමට නොහැකි බව මාධ්‍යන් මගින් අනාවරණය කර ඇත. මෙවැනි පසුබිමකදී, එම සංවිධාන අප සමඟ සන්ධානගතවී ඇති අතර, දෙමළ ජනතාවගේ අනාගතය පිළිබඳව සිතා සටන් කිරීමට සමස්ථ ලංකා දෙමළ කොංග්‍රස් පක්‍ෂයටද අප ආරාධනා කර සිටින්නෙමු.

මෙම පළාත් පාලන මැතිවරණය මගින් ග්‍රාමීය මට්ටමින් සංවර්ධන කටයුතු සිදුකරන අතර, දෙමළ ජනතාව සඳහා වන විකල්ප නායකත්වයක් පත්කිරීම සඳහා වන කටයුතු අප සිදුකරන්නෙමු” යනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න