Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දරුවන් වෙනුවෙන් වර්ජනය අත්හරින්නැයි ඇමති ඉල්ලයි

|Thu,07 December 2017 11.30|Security| Page Views : 80

අලුත් පුවත්
මිරිදිය ධීවර තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරයි
දෙමළ ජනතාවගේ අයිතීන් දිනාගැනීම සඳහා නව සන්ධානයක් පිහිටුවයි
ඉලංගෙයි තමිලරසු පක්‍ෂය ඇප මුදල් තැන්පත්කරයි
පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදීමේදී වෙනස්කමක් සිදුකර ඇත!
ඉන්දියාවෙන් මෙරටට ගෙන ආ තාරකා ඉබ්බන්
උප පොලිස් පරීක්ෂකලා 3029කට උසස්වීම්
දුම්රිය රියදුරන්ගේ වර්ජනය අද ක්‍රියාත්මකයි
ජාතික සුරක්ෂා සිසු රක්ෂනාවරණ දිනය අද
 
දුම්රිය වර්ජනය විසඳීම සඳහා වෘත්තිය සමිති සමඟ අමාත්‍යාංශ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා දහවල් 12ට විශේෂ සාකච්ඡාවක් පැවැත් වීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රණාගාරයේදි මෙය පැවැත්වීමට නියමිත බව මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් වරයා මේ බව සඳහන් කර තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම යන මහත්වරුන් හා මෙම සාකච්ඡාවට වර්ජනයට අදාළ දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සමිති නායකයින්ට ද සහභාගී වන ලෙස මේ වන විට අමාත්‍යාංශය විසින් දන්වා ඇත.

මේ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෘත්තීය සමිති නායකයින් වෙත ඉල්ලීමක් කරමින් කියා සිටියේ දැනට ආරම්භ වී ඇති අ.පො.ස. (සා.පෙළ) විභාගයට සහභාගීවන සිසු දරුවන්ට වන අපහසුතාවය පිළිබදවවත් සලකා බලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අත්හරින ලෙසයි.

එමෙන්ම මෙම ප්‍රශ්නය සාකච්ඡා කොට විසඳා ගන්නා ලෙසද අමාත්‍යවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලා ඇත.

කෙසේ වෙතත් දුම්රිය පාලක මැදිරිය දන්වා සිටින පරිදි මේ වන විට පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන සියලු දුම්රිය සේවාවන් යථා පරිදි සිදු වනු ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න