Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අප දේශපාලන අනාථයින් නොවේ!

|Thu,07 December 2017 15.15|Security| Page Views : 49

අලුත් පුවත්
පාසල ඉස්සරහා අධිකරණයට එරෙහිව උද්ඝෝෂණ
බොබ් මාර්ලිවේ මැරුවේ ඇමෙරිකාව සපත්තුවට පිළිකා වෛරසය කවලා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට
ප්‍රබල භූමි කම්පාවක් සිදුවෙයි
ඇමරිකාව, ඊශ්‍රාලයයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනිම සාම ක්‍රියාදාමයට බාධාවක්
190 හා 293 බස් මාර්ගයේ වාහන ගමනයට බාධා
“නැව ගිලුනත් ආක්ෂා බෑන් චූන්.මම ආයිත් ආදරය කරන එකක් නැහැ. මම ආදරය කරපු කෙනාට මං ගොඩක් ආදරෙයි”
 
“දෙමළ ජාතික සමඟිය වෙනුවෙන් කටයුතු කරන අප, දේශපාලන අනාථයින් බව ඇතැම් පුද්ගලයින් සිතන්නේ නම්, ඒ හේතුවෙන් ඇතිවන ප්‍රතිවිපාකවලටත් ඔවුන් වගකිව යුතුය” යනුවෙන් දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ ලේකම් ශ්‍රීකාන්දා ප්‍රකාශ කර ඇත.

2017.12.06 වන දින යාපනයේ පැවති එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු, මාධ්‍යට අදහස් දැක්වු අවස්තාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ අප දෙමළ දේශපාලන මාර්ගයේ ගමන් කරන අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා පවත්වමින් සිටින්නෙමු. දෙමළ ජාතික සමඟිය වෙනුවෙන් අප අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කරන්නෙමු. නමුත්, අප දේශපාලන අනාථයින් බව සිතුවහොත්, එමගින් ඇතිවන ප්‍රතිවිපාකවලටද ඔවුන්ම වගවිය යුතුය.

මේ වනවිට අප, ඊළාම් ජනතා විප්ලවවාදී පෙරමුණ, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය සහ දෙමළ විමුක්ති සන්ධානයේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර ඇත්තෙමු. 2017.12.07 වන දින දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිතයින් සමගද සාකච්ඡා කරන්නෙමු. අපගේ දිගුකාලීන දේශපාලන ගමනේ, මෙය සාමාන්‍ය කරුණකි. නමුත්, සුළු දේශපාලන වාසි වෙනුවෙන් දෙමළ ජාතිකත්වයේ සමගිය යනු ක්‍රීඩා භාණ්ඩයක් ලෙස වෙනස් නොවිය යුතු බව ප්‍රකාශ කරන්නෙමු. මේ දක්වා අපගේ ස්ථාවරය එයයි. නමුත්, අනාගතය සම්බන්ධයෙන් අනාවැකි පලකිරීමට නොහැකිය” යනුවෙන් එන්.ශ්‍රීකාන්දා ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න