Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සාමාන්‍ය පෙල සිසුන්ට හා දෙමාපියන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් උපදෙස්

|Thu,07 December 2017 16.15|Security| Page Views : 52

අලුත් පුවත්
කොස්ගස් හංදියේ සිට ඔරුගොඩවත්තට එක තීරුවයි
අප දේශපාලන අනාථයින් නොවේ!
පාසල ඉස්සරහා අධිකරණයට එරෙහිව උද්ඝෝෂණ
බොබ් මාර්ලිවේ මැරුවේ ඇමෙරිකාව සපත්තුවට පිළිකා වෛරසය කවලා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට
ප්‍රබල භූමි කම්පාවක් සිදුවෙයි
 
2017 සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිඛෙනවා. මේ එම සම්පූර්ණ උපදෙස් මාලාවයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) නව/පැරණි විභාගය – 2017

නව සහ පැරණි විෂය නිර්දේශයන් යටතේ 2017.12.12 දින සිට 2017.12.21 දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය පෙ.ව. 8.30ට ආරම්භ වන අතර පෙ.ව. 8.00 ට පෙර සියලු ම අයදුම්කරුවන් ප්‍රවේශ පත්‍රයේ සඳහන් නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු ය.

එසේ පැමිණෙන විට විභාග ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යයෙන් රැගෙන යා යුතු ය. විභාගයට පැමිණීමට පෙර ප්‍රවේශ පත්‍රයේ තමා ඉල්ලුම් කරන විෂයයන්, මාධ්‍යය සහ අත්සන සහතික කිරීම ආදී වැදගත් කරුණු පිළිබඳ ව හොඳින් පරීක්ෂා කළ යුතු ය. යම් වෙනසක් ඇත්නම් ඒ බව වහාම විභාග දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දිය යුතු වේ.

එමෙන් ම විභාගයේ දී අයදුම්කරුවන් විසින් Smart අත් ඔරලෝසු ,ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මගින් විභාග වංචා සිදුකරන්නේ ද යන්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කොට ඇත. එවැනි වංචා සිදු කරන අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලබන සියලු ම විභාග සඳහාපෙනී සිටීමේ දී වසර 5 කට තහනමක් පනවනු ලබන අතර මෙවර විභාගයේ ප්‍රතිඵල ද අවලංගු කිරීමට කටයුතු කරනු ලැබේ. විභාගය පවත්වන අවස්ථාවේ දී බාහිර පාර්ශවයන්ගෙන් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ බව වහාම විභාග දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට දැනුම් දීමට සියලු උපදෙස් ශාලාධිපතිවරුන් වෙත සපයා ඇත. එසේම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන තුළට අවසර නොලත් කිසිදු පුද්ගලයෙක් ඇතුළු නොවිය යුතු අතර, එම පාසල් තුළ ඉදිකිරීම් කටයුතු, පන්ති පැවැත්වීම් ක්‍රීඩා උත්සවවල රැස්වීම් පැවැත්වීම තහනම් වන බැවින්, ඒ අනුව කටයුතු කිරීමට විභාග මධ්‍යස්ථාන පිහිටා ඇති පාසල්වල විදුහල්පතිවරුන් විසින් වග බලාගත යුතු වේ.

විභාග ශාලාව තුළ කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් කිසියම් අයකු විසින් සිදු කරන්නේ නම් ඒ බව විභාග අපේක්ෂකයින්ට සහ දෙමාපියන්ට ද විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය හැකි ය. මෙම විභාගය සම්බන්ධයෙන් විමසීම් කිරීම සහ පැමිණිලි කිරීම සඳහා පහත සඳහන් දුරකථන අංකවලට ඇමතීමට කටයුතු කරන්න. විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය – 1911

පාසල් විභාග සංවිධාන ශාඛාව –

0112784208/0112784537/0113188350/0113140314 පොලිස් මූලස්ථානය

– 0112421111

පොලිස් හදිසි ඇමතුම් අංකය

– 119


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න