Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එක් දින සහ විස්සයි විස්සෙන් කෝලි ඉවතට

|Thu,07 December 2017 20:00|Miscellaneous| Page Views : 9

අලුත් පුවත්
අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කරයි
සාමාන්‍ය පෙල සිසුන්ට හා දෙමාපියන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් උපදෙස්
කොස්ගස් හංදියේ සිට ඔරුගොඩවත්තට එක තීරුවයි
අප දේශපාලන අනාථයින් නොවේ!
පාසල ඉස්සරහා අධිකරණයට එරෙහිව උද්ඝෝෂණ
 
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියෙන් මෙන්ම 20යි 20 තරඟාවලියෙන් ද ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි විවේකගන්වා තිබේ.

ඊයේ නිමා වූ ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කෝලි ප්‍රකාශ කර ඇත්තේ මාස 48ක කාලයක් අඛන්ඩව තරඟ වලට සහභාගීවීම හේතුවෙන් තමාට කෙටි විවේක කාලයක් අවශ්‍ය බවයි.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු තරඟ සංචාරය ආරම්භවීමට පෙර තමා කෙටි කාලයක් විවේක ගැනීමට අපේක්ෂා කරන බව කෝලි ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ වීරයා බවට පත්වූ කෝලි තරඟාවලිය පුරා ද්විත්ව ශතක දෙකක් සමගින් ශතක තුනක් ලබාගත් අතර ඔහු එහිදී රැස් කල මුළු ලකුණු සංඛ්‍යාව 610 කි.

ටෙස්ට් ඉනිමකදී තමා ලැබූ ඉහලම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ද කෝලි එම තරඟාවලියේදී සමත් විය.

මේ අතර විරාත් කෝලි සහ බොලිවුඩ් සුරූපී නිලි අනුෂ්කා ෂර්මා අතර විවාහය මෙම මාසයේ සිදුවන බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ වී තිබුණද ඒවායේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අනුෂ්කා ෂර්මාගේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න