වැසි තත්ත්වයේ වර්ධනයක්
|Tue,12 December 2017 11:19|Miscellaneous| Page Views :
73
|
|
ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (12) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත ත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
|
|