Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

7 තෙක් දුම්රියේ විශේෂයක්

|Fri,29 December 2017 13.03|Special| Page Views :

පාසල් නිවාඩු සමය අවසන් වුවද ජනවාරි 7 වනදා දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

නව වසර උදාවත් සමග ගම් බිම් බලා යන ජනතාවට සහ නැවත පැමිණෙන ජනතාවට ඒ සඳහා විශේෂ දුම්රිය වාර කිහිපයක්ද ක්‍රියාත්මකයි.

මීට අමතරව බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවල විනෝද චාරිකාවල නිරතවන ළමයින් ඇතුලු මගීන් වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාවද එදින දක්වා ක්‍රියාත්මක බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ කියා සිටියේ.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ගම්බිම් බලා ගොස් යළි කොළඹ පැමිණෙන ජනතාවට ද ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා ඇති බවයි.

ඒ සඳහා දෛනිකව ගමන් ගන්නා බස් රථවලට අමතරව විශේෂ බස් රථ සේවාවන් කිහිපයක්ද ක්‍රියාත්මක බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න