Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලබන වසරේ සිටබස් රථ රියැදුරන්ට විශේෂ පුහුණුවක් අනිවර්ය කෙරේ

|Sun,31 December 2017 09.20|Security| Page Views : 23

අලුත් පුවත්
මත්පැන් පානය කරන්නන්ට ඡන්දය දෙන්න එපා ..
දුම්රිය මූලස්ථානයේ වෙඩිල්ලක් පත්තුවෙයි
වී සදහා රක්ෂණය අනිවාර්යයි
දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට නව උපදේශන මාලාවක්
සෙල්ලිපි 85ක් සොයා ගැනෙයි
නව වසරට ආශිර්වාද පතා පිංකම් මාලාවක්
ඊජිප්තු දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 10දෙනකු මරුට
2018 වසරේ සිට ලියාපදිංචිය අවලංගු කෙරෙන වාහන මෙන්න
 
රිය ධාවනය සම්බන්ධයෙන් මගී බස් රථ රියැදුරන් ලබාගත යුතු පුහුණුව ලබන වසරේ සිට අනිවාර්ය කිරීම කෙරෙහි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පුහුණුව ලැබු බව තහවුරු කරමින්, රියැදුරු බලපත්‍රයේ විශේෂ සලකුණක් යෙදීමට ද පියවර ගන්නා බවයි.

ඒ සඳහා සහතික පතක් පිරිනැමීමට කටයුතු කරන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ වන විට බස් රථ රියැදුරන් 17,000කට අධික පිරිසක් එම පුහුණුවට යොමුවී සිටිනු ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාර්තා වන රිය අනතුරු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එම පියවර ගන්නා බවයි.

පුහුණුව ලබා ගත් බවට රියැදුරු බලපත්‍රයේ සටහන් නොවන රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කිරීමට සැලසුම් කර ඇති බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර රියැදුරු පුහුණු පාසල් නියාමනය තවදුරටත් විධිමත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු ව තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිසි ලියාපදිංචියකින් තොරව රියැදුරු පුහුණු පාසල් පවත්වගෙන යන බවට තොරතුරු ලැබී ඇති බව ය.

එම ආයතන වැටලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න