Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උ/පෙළ සමත් සිසුන් හෙද සේවයට

|Sun,31 December 2017 09.35|Special| Page Views :

ඕනෑම විෂය ධාරාවක් යටතේ උසස් පෙළ සමත් සිසුන් හෙද සේවයට බඳවා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, උතුරු සහ නැගෙනහිර පළාත්වලින් එම සිසුන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

පවතින හෙද හිඟය හේතුවෙන්, රෝහල් කටයුතුවලට දැඩි බාධා මතු ව ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය.

උතුර, නැගෙනහිර පළාත්වල මෙන් ම කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල්වල හෙද හිඟය වැඩි වශයෙන් පවතින බව ද අමාත්‍යාංශය පෙන්වාදී ඇත.

අමාත්‍යාංශය සඳහන් කළේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන් ම කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල්වල සේවය කිරීමට හෙද නිලධාරින් යොමුවීමේ අඩු ප්‍රවණතාවක් ද පෙනෙන්නට ඇති බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න