Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විකෘති වූ මුදල් හුවමාරුව දීර්ඝ කරයි

|Sun,31 December 2017 11.45|Security| Page Views : 15

අලුත් පුවත්
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තහනම ඉවතට
උ/පෙළ සමත් සිසුන් හෙද සේවයට
ලබන වසරේ සිටබස් රථ රියැදුරන්ට විශේෂ පුහුණුවක් අනිවර්ය කෙරේ
මත්පැන් පානය කරන්නන්ට ඡන්දය දෙන්න එපා ..
දුම්රිය මූලස්ථානයේ වෙඩිල්ලක් පත්තුවෙයි
වී සදහා රක්ෂණය අනිවාර්යයි
දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට නව උපදේශන මාලාවක්
 
පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය පිළිබඳ ප‍්‍රතිපත්තිය යටතේ විකෘති වූ මුදල් නෝට්ටු සඳහා මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු ගෙවීම් සිදු නොකරන බවට ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර තිබූ අතර, ජනතාව සතුව පවතින එවැනි මුදල් නෝට්ටු වාණිජ්‍ය බැංකු ශාඛාවන් සමග හුවමාරු කර ගැනීමට තවදුරටත් අවස්ථාව සළසමින් එම කාලය 2018 මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මහ බැංකුව වෙත උපදෙස් ලබා දී තිබේ.

තමන් සතුව විකෘති වූ මුදල් නෝට්ටු පවතින්නේ නම් 2017 දෙසැම්බර් 31 වනදාට පෙර බලපත‍්‍රලාභී වාණිජ බැංකු ශාඛාවක් සමග හුවමාරු කරගත යුතු බවට මහ බැංකුව ගන්නා ලද තීරණයක් අනුව 2017 ජූූලි මාසයේ සිට ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව විකෘති කරන ලද කිසිදු මුදල් නෝට්ටුවක් 2018 ජනවාරි පළමුවැනිදායින් පසුව රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකින් භාර නොගන්නා බව දන්වා තිබූ අතර, මුදල් නීති පනත අනුව පනවන ලද අදාළ රෙගුලාසි යටතේ එම මුදල් නෝට්ටු ශී‍්‍ර ලංකා මහ බැංකුව භාරයේ රඳවා තබා ගන්නා අතර කිසිදු ගෙවීමක් සිදු නොකරයි.

මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා විශාල පිරිවැයක් දැරීමට රජයට සිදුවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබූ අතර, ශී‍්‍ර ලංකාවේ වලංගු මුදල් නෝට්ටු හිතාමතාම විකෘති කරන පුද්ගලයන්ට එරෙහිව 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ අධිකරණ කි‍්‍රයාමාර්ග ගෙන දඬුවම් පැමිණවීමට අවස්ථාව පවතිී.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න