Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඡන්ද සිද්ධි නිසා 78කට වැඩ වරදී

|Sun,31 December 2017 12.12 |Security| Page Views :

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව වාර්තා වූ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
පසුගිය 09 වැනිදා සිට අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ පොලිසියට වාර්තා වූ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 18කට අදාළව පුද්ගලයින් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මැතිවරණ පැමිණිලි 39කට අදාළව පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් කිහිපදෙනෙකු ද වන බව සඳහන්ය.
ඊයේ දිනයේදී කොළොන්නාව, උමගිලිය ප්‍රදේශයෙන් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පෝස්ටර් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් වාර්තා වී ඇති අතර ගෝනගංආර කල්කුඩා සහ තිනියාවල යන ප්‍රදේශවලින් තර්ජනය කිරීම්, අපේක්ෂකයෙකුගේ නිවසකට අලාභහානී සිදුකිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 03ක් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න