Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කිසිදු මතභේදයක් නොමැත

|Sun,31 December 2017 13.12|Political| Page Views : 42

අලුත් පුවත්
කුමන්ත්‍රණකාරී ලෙස මුලාවට පත්කර ඇත
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේ යෝජනා සම්මතට අගමැති අත්සන් තැබීම හෙට
කල්පිටිය ධීවරයෝ විරෝධයේ
ඡන්ද සිද්ධි නිසා 78කට වැඩ වරදී
විකෘති වූ මුදල් හුවමාරුව දීර්ඝ කරයි
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තහනම ඉවතට
උ/පෙළ සමත් සිසුන් හෙද සේවයට
 
පරිවර්තනය කලේ(සමකලම් වෙබ් අඩවිය)

“ ‘හිරු’ සළකුණ දෙකඩ වී ඇත. දෙමළ ජාතික විමුක්ති සන්ධානය තුල මතභේද උද්ගතවී ඇත’ යනුවෙන් ඇතැම් මාධ්‍යන්වල පුවත් පලකර ඇත. එය අසත්‍ය ප්‍රචාරයකි” යනුවෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ලේකම් වී.ආනන්දසංගරි ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. “ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ සන්ධානගතවී සිටින දේශපාලන පක්‍ෂ අපගෙන් වෙන් කිරීමේ කටයුතුවල ඇතැම් පුද්ගලයින් නිරතවී සිටියි.

එහි එක් අදියරක් ලෙස මා සහ ඊපීආර්එල්එෆ් සංවිධානයේ නායකයා අතර මතභේදකාරී තත්වයක් උද්ගතවී ඇති බවට පුවත් පලකර ඇත. අපගේ සන්ධානය දෙකඩ කිරීමට සිදුකල යුත්තේ කුමක්ද? යන්න පිළිබඳව ඇතැම් පුද්ගලයින් කල්පනා කරමින් සිටියි.

ඔවුන්ගේ සිහිනය සැබෑ නොවනු ඇත. මාව විහිළුකාරයෙක් බවට පත්කිරීමට කවුරුන් හෝ සිතන්නේ නම්, එය ඔවුන්ගේ සිහිනයක් පමණක් වනු ඇත” යනුවෙන් වී.ආනන්දසංගරි ප්‍රකාශ කර ඇත.

ද්‍රවිඩ එක්සත් විමුක්ති සන්ධානය තුල මතභේදකාරී තත්වයක් උද්ගතවී ඇති බවත්, පලවු පුවත්වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත්, මේ සම්බන්ධයෙන් පුවත් පලකල පුවත්පත් කතෘවරු සම්බන්ධයෙන් තමන් කණසල්ලට පත්වී සිටින බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ද ප්‍රකාශ කර ඇත.

ඒ අතරම, දෙමළ ජාතික විමුක්ති සංවිධානයේ සාමාජිකත්වය ලබා ඇති දේශපාලන පක්‍ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී තමිලරසු පක්‍ෂයේ ලේකම් ශිවගරන්ගෙන් මේ පිළිබඳව මාධ්‍යවේදීන් විමසීමක් කල අවස්ථාවේදී, ‘අප අතර කිසිඳු මතභේදකාරී තත්වයක් උද්ගතවී නොමැත.

අප සමඟියෙන් කටයුතු කරන්නෙමු. 2018.01.03 වන දින යාපනයේදී අප සියළුදෙනා ඒකාබද්ධවී මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණය එළිදක්වන්නෙමු” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

ඒ අතරම, මෙම පුවත් පිටුපස සුමන්දිරන්ගේ කණ්ඩායම ක්‍රියාත්මක වන බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ආරංචිමාර්ග සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න