Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුර්වල තණතීරුව ගැන රන්ජන් මඩුගල්ල දුන් වාර්තාව

|Wed,03 January 2018 14.15|Security| Page Views : 11

අලුත් පුවත්
ජනාධිපති ධුරයේ වයස් සීමාව ඉවතට​
ජයවර්ධනපුර රෝහලේ හෙද වර්ජනයක්
සාමාන්‍ය පෙළ පිළිතුරු පරීක්‍ෂාව අද සිට
රට වටෙි ත්‍රීවීල් ඉස්සු දෙදෙනෙක් දැලේ
භූතාන පුංචි හිමිනම ලංකාවට ඇවිත් පෙර භවයන් ගැන හෙළිකරමින් සියල්ලම පුදුම කළ හැටි
ඉතාලියේ පිපිරීමක්
ආහාර මිල ගණන් ඉහළට
 
වැඩිම පිරිසකට තරග නැරඹිය හැකි ලෝකයේ එකම කී‍්‍රඩාංගණය ලෙස සැලකෙන ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් කී‍්‍රඩාංගණයේ තණතීරුව දුර්වල බවට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, නිමා වූ එංගලන්ත - ඕස්ටේ‍්‍රලියා අළු බදුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ සිව්වන තරගයෙන් පසුවයි.

තරගයේ තීරකයා ලෙස කටයුතු කළ රන්ජන් මඩුගල්ල තණතීරුව පිළිබඳ සිය නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයි. සී. සී. ය මෙම තීරණය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

තරගයේ දින පහේදී කණ්ඩායම් දෙකේම කඩුළු 24 ක් පමණක් බිද වැටුණු අතර තණතීරුවේ ස්වභාවය දින පහේදීම වෙනස් නොවූ බවයි පැවසෙන්නේ.

ඕස්ටේ‍්‍රලියාවේ කී‍්‍රඩාංගණයක තණතීරුවක් දුර්වල බවට ප‍්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙයයි. ලොව විශාලතම කී‍්‍රඩාංගණ 10 අතරට අයත් මෙල්බර්න් කී‍්‍රඩාංගණයේ තරග නැරඹිය හැකි පේ‍්‍රක්‍ෂකයින් සංඛ්‍යාව ලක්‍ෂයකට අධිකයි.

මීට පෙරද මෙලෙසම කි‍්‍රකට් කී‍්‍රඩාංගණ 8 ක තණතීරු දුර්වල බවට අයි. සී. සී. ය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 2011 වසරේ ශී‍්‍ර ලංකා - ඕස්ටේ‍්‍රලියා ටෙස්ට් තරගය පැවති ගාලු කී‍්‍රඩාංගණයේ තණතීරුවද ඊට ඇතුළත්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න