Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සෞභාග්‍යමත් ජන ජීවිතයක් තහවුරු කරමු!

|Wed,03 January 2018 15.55|Political| Page Views :

පරිවර්තනය කලේ(ඊපීඩීපී නිවුස් වෙබ් අඩවිය)

“මැතිවරණ කාලයේදී, අපගේ පක්‍ෂය වෙත මඩ ගැසීමේ කටයුතු, අනෙකුත් දෙමළ දේශපාලන පක්‍ෂ සැළසුම් සහගතව තවමත් සිදුකරමින් සිටින අවස්තාවකදී, මෙම කරුණ ජනතාව නිසිලෙස තේරුම්ගැනීම, කාලීන අවශ්‍යතාවය වී ඇත” යනුවෙන් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ලේකම් ඩග්ලස් දේවානන්දන් ප්‍රකාශ කර ඇත.

යාපනය සුදුමලෙයි උතුර ප්‍රදේශයේ ජනතාව සමඟ පැවති සාකච්ඡාවේදි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“මැතිවරණ කාලයේදී, අප සඳහා වන ජයග්‍රහණය වළැක්වීමේ අරමුණින්, අනෙකුත් දෙමළ දේශපාලන පක්‍ෂ සැළසුම් සහගතව සිදුකරන විවේචන, පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදීත් අඛණ්ඩව සිදුකරමින් සිටියි.

අපගේ පක්‍ෂයේ ජයග්‍රහණය වැළැක්වීමේ අරමුණින් මෙවැනි විවේචන සිදුකරමින් සිටියි. එය එක් පසෙකින් ඔවුන්ගේ නොහැකියාව සහ දුර්වලකම බව අදහස් කල හැකිය.

එබැවින්, අපගේ පක්‍ෂයේ කීර්ති නාමය නැතිකරන අන්දමින් සිදුකරන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි කිරීමට ඒකාබද්ධවී දායකත්වය ලබාදෙන මෙන් පක්‍ෂයේ මිත්‍රයින්, ආධාරකරුවන් ඇතුළු සියළු දෙනාගෙන් ඉල්ලා සිටින්නෙමු” යනුවෙන් ඩග්ලස් දේවානන්දන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න