Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලබන සතියේදී උ.කොරියාව සමග සාකච්ඡා පැවැත්වීමට සුදානම් බව ද.කොරියාව කියයි

|Fri,05 January 2018 15.00|Security| Page Views :

ලබන සතියේදී උතුරු කොරියාව සමග ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට සුදානම් බව දකුණු කොරියා බලධාරීන් පවසනවා.ලබන මාසයේ දී දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට උතුරු කොරියා ක්‍රීඩකයන් සහභාගී කරවීමේ අරමුණින් පැවැත්වෙන සාකච්ඡා ජනවාරි 9 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ක්‍රීඩා උළෙලට තම කණ්ඩායමක් සහභාගී කරවීම කොරියා ජනතාව අතර එකමුතුබව පෙන්වීම සදහා හොද අවස්ථාවක් බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රකාශ කළා.

දෙරට අතර දේශසීමාව අසළ දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඇති පැන්මුන්ජොම් නගරයේ දී සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිතයි. මේ අතර දකුණු කොරියාවේ ශීත ඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලයේදී ඒකාබද්ධ යුද අභ්‍යාස නතර කිරීමට ඇමෙරිකා බලධාරීන් තීරණය කර තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න