Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විවාහයෙන් පස්සේ දිවිගෙවන්න කෝලි – අනුෂ්කා මිලදී ගත් සුපිරි මන්දිරය මෙන්න

|Sat,06 January 2018 12.15|Security| Page Views : 39

අලුත් පුවත්
වසන්තය නුවරඑළිය ලස්සන කරපු හැටි
Government urged not to use flyover for electioneering purposes
පාකිස්ථාන සහ නවසීලන්ත පළමු එක්දින තරගයේ නවසීලන්ත නායක විශිෂ්ඨ පිතිහරඹයක
ලෝක කුසලානය ශ්‍රී ලංකාවට අරන් එනවා - දෘශ්‍යාබාධිත ක්‍රිකට් පිල
කල්ලාරු ඇතාගේ සිරුරු කොටස් හමුවෙයි
පොහොර රැගත් නෞකාව දිවයිනට
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ
ඕනම කෙනෙකුට විදුලිය නිපදවන්න අවස්ථාවක්
 
පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වූ දෙයක් තමයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මාගේ විවාහය ගැන.

පසුගිය දෙසැම්බර් 11 වනදා මෙම විවාහ උත්සවය ඉතාලියේදී ඉතා ආකර්ෂණීය ලෙස පැවැත්වුණා අතර එම උත්සවයට සහභාගී වුණේ ඔවුන්ගේ සමීප නෑ හිතමිතුරන් කිහිප දෙනෙක් පමණයි.

ඉන් අනතුරුව නැවතත් ඉන්දියාවේදී මොවුන්ගේ වාවහය වෙනුවෙන් උත්සවයක් පැවැත්වුණා.

ඉතින් විරාත් කෝලිගේ විවාහ උත්සවයත් සමගම හැමෝගෙම අවධානය දිනාගත්තේ මේ යුවළ අලුතෙන්ම මිලදී ගත්ත අති සුඛෝපභෝගී නිවසයි.

මෙම නිවස පිහිටා ඇත්තේ මුම්බායිවලයි.

මහල් 70කින් නිම වුණු මේ නිවාස සංකීර්ණයේ 34 වැනි මහල වෙන් වුණේ විරාත්-අනුෂ්කාගේ වෙනුවෙන්. මෙය ඉන්දියානු රුපියල් කෝටි 34ක් වන බවටයි වාර්තා වන්නේ.

මේ මහල් නිවාසය මුම්බායිහි පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසවලින් එකක් වීම තවත් විශේෂත්වයක්.

ප්‍රකට ක්‍රිකට් තරුවක් වූ යුවරාජ් සිංගේ නිවෙසත් පිහිටා ඇත්තේ මෙහි 29 වැනි මහලේයි. 34 වැනි මහලේ වර්ග අඩි 7171 පමණ විරාත්ගේ නිවසට වෙන් වූයේ අති සුඛෝපභෝගී අංග කිහිපයක්ම නිවෙසට එක් කර ගනිමින්.

අරාබි මුහුදට මුහුණලා පිහිටි මෙම සුපිරි නිවෙසට වැඩි වටිනාකමක් හා සුන්දරත්වයක්ද එමඟින් එක් වුණා. එකිනෙකට වෙනස් වූ අභ්‍යන්තර ගෘහ අලංකරණ තේමාවන්ගෙන් හැඩ වුණු අගනා නිමාවෙන් නිර්මාණය වූ නිදන කාමර පහක්ද මෙහි දැකගත හැකියි. රූපවාහිනි නැරඹුම් කාමරය කහ වර්ණය තේමා කර ගනිමින් වැඩි වටිනාකමක් දිස්වන ලෙස නිමවා තිබෙන අතරම සාලයද අලංකාර වූයේ අගනා ලී ගෘහ භාණ්ඩ කිහිපයකින්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න