Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වතුයායම භීතියට පත් කළ දිවියා තවමත් නිදැල්ලේ

|Mon,08 January 2018 11:01|Security| Page Views : 78

අලුත් පුවත්
ඉඩ්ලිබ් නගරයේ පිපිරීමකින් 23ක් මරුට
බේරුවල බලපත්‍ රහිත සූකර මස් අලෙවිසැල් වටලයි
නොර්ටන් බ්‍රිජ් ෆයිනස් වගා රක්ෂිතයක ගින්නක්
ගිනි අවියක් සමඟ අයෙක් කොටුවෙයි
ශීත උදෑසන සහ රාත්‍රිය ගැන කාලගුණ නිවේදනයක්
මොරගහකන්ද අද ජනතා අයිතියට
 
හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ වතුකම්කරුවන් හත්දෙනෙකුට පහරදී තුවාල සිදුකළ කොටියා අල්ලා ගැනිමට වතුකම්කරුවන්ගේ සහයෝගය ලබා දෙන ලෙස හැටන් මුලස්ථාන පොලිස් පරික්‍ෂක ඒ.එල්.එම් ජෙමිල් අද (08) එම වතුයායේදී ප‍්‍රජාව දැනුවත් කරමින් ඉල්ලා සිටියා.

ඔහු කියා සිටියේ කොටියා අල්ලා ගැනිමට වනජිවී නිළධාරින්ට සහ පොලිස් නිළධාරින්ට එම වතුයායේ වතුකම්කරුවන්ගේ සහයෝගය නොලැබුණු බවයි.

කොටියා සැරිසැරු ස්ථානයෙන් කොටියාව බිය ගන්වා පලවා හැරිමට වතුකම්කරුවන් කටයුතු කළ නිසා වනජිවී නිළධාරින්ට හා පොලිස් නිළධාරින්ට කොටියා අල්ලා ගැනිමට මෙතෙක් නොහැකි වී තිබෙනවා.

කොටියා සැරි සරන අවස්ථාවේ එම ස්ථානවලින් ඉවත් වී ඒ පිළිබඳව වනජිවී නිළධාරින් දැනුවත් කරන ලෙසත් කොටියා සුනඛයින් දඩයම් කිරිමට ඉතා කැමැත්තක් දක්වන හෙයින් රැකියා සඳහා යන අවස්ථාවන්වලදී තමන් සුරතලයට ඇති කරන සුනඛයින් තේ වතුයායට රැගෙන නොයන ලෙසත් මුලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා වතුකම්කරුවන්ගෙන් ඉල්ලා සිටියා.

එම කොටියා අල්ලා ගැනිම සඳහා වනජිවී නිළධාරින් තව දුරටත් එම වතුයායේ රැඳී සිටිමින් හත්වන දිනටත් කොටියා අල්ලා ගැනිමට අටවා ඇති උගුලට සුනඛයෙකු යොදා තිබෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න