Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නීති විරෝධී මත්පැන් නිෂ්පාදන ස්කාගාරයක් වටලයි

|Tue,09 January 2018 12.15|Security| Page Views :

ස්ප්‍රීතුවලට වර්ණක යොදා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ ස්කාගාරයක් වැටලීමට පොලීසිය සමත් වුණා. වැල්ලවාය ඇල්ල පාර තුනේ කණුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම නීති විරෝධී මත්පැන් ස්කාගාරය වටලනු ලැබුවේ වැල්ලවාය පොලීසියයි.

එහිදී ව්‍යාජ මත්පැන් බෝතල් සියයකට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට ගැනුණා. අධිසැර ස්ප්‍රීතුවලට වර්ණක යොදා මෙම මත්පැන් නිෂ්පාදනය කර ඇති බවයි පොලීසිය පවසන්නේ. ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වැල්ලවාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර ත්‍රීරෝද රථයකින් නීති විරෝධී මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමක යෙදී සිටි පුද්ගලයෙකු හා ඔහුගේ බිරිඳ ඇල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි ඇල්පිටිය පොලීසිය පවසන්නේ.

කුඩා බිළිඳාට මව කිරි ලබාදෙන අයුරින් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් මෙම මත්පැන් බෙදා හැර ඇති බව පොලිස් පරීක්‍ෂණවල දී හෙළිවුණා. සැකකාර යුවළ හා අත්අඩංගුවට ගත් නීති විරෝධී මත්පැන් බෝතල් හතළිස් පහ අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලීසිය කටයුතු කළේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න